Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඇමති ධූරයෙන් අස් වෙන්න සූදානම්..- මුදල් ඇමති

රට මුහුණ දී තිබෙන අර්බුදයෙන් ගොඩ ගැනීම සඳහා ඕනෑම කැපකිරීමක් කිරීමට තමන් සූදානම් බව මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා කියා සිටියේය. එවන් වගකීමක් බ...

රට මුහුණ දී තිබෙන අර්බුදයෙන් ගොඩ ගැනීම සඳහා ඕනෑම කැපකිරීමක් කිරීමට තමන් සූදානම් බව මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා කියා සිටියේය.

එවන් වගකීමක් බාරගත හැකි පුද්ගලයෙකු වෙනුවෙන් තම මන්ත්‍රීධූරයත් ඇමති ධුරයත් පරිත්‍යාගය ගෙදර යාමට තමන් සූදානම් බවද හෙතෙම සදහන් කරයි.

අද පාර්ලිමේන්තුව අමතමින් මුදල් අමාත්‍යවරයා මේ බව පැවසීය.

දැනට රට තුළ ඇති ආර්ථික අර්බුදය නිසි ලෙස කළමනාකරණය කර නොගත්තොත් ඉතා භයානක තත්ත්වයකට මුහුණ දීමට සිදුවනු ඇති බවද හෙතෙම කියා සිටී.

එනිසා පක්ෂ පාට වලට බෙදී දේශපාලන අරගල වල යෙදෙනු වෙනුවට කඩා වැටෙමින් ඇති ආර්ථිකය නගා සිටුවීමට හැකි ප්‍රමාණයකින් හෝ දායකත්වය දැක්වීම සියලු දෙනාගේම ජාතික වගකීමක් බවත් හෙතෙම තවදුරටත් කියා එහිදී අවධාරණය කලේය.

 

No comments

Ads Place