Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඩීසල්, දැවිතෙල් නෑ..විදුලි කප්පාදුව ඉහළට?

ඩීසල් හා දැවි තෙල් අවසන් වීම හේතුවෙන් විදුලි කප්පාදු කාලය දීර්ඝ කිරීමට සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය සඳහන් කරයි. ඇදිරි නීති...

ඩීසල් හා දැවි තෙල් අවසන් වීම හේතුවෙන් විදුලි කප්පාදු කාලය දීර්ඝ කිරීමට සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය සඳහන් කරයි.

ඇදිරි නීතිය ඉවත් කිරීමත් සමග ඇතිවන විදුලි ඉල්ලුම කළමනාකරණය කර ගැනීම සඳහා පැය හතහමාරක පමණ කාලයක් විදුලි කප්පාදු කිරීමට සිදුවනු ඇතැයි ද සංගමය ලේකම් එරංග කුඩාහේවා මහතා පැවසීය.

දහවල් කාලයේ පැය පහක් සහ රාත්‍රී කාලයේදී පැය දෙකහමාරක පමණ කාලයක් මෙසේ විදුලිය විසන්ධි කිරීමට සිදුවනු ඇති බව ඔහු සදහන් කලේය.

දැවිතෙල් සැපයුම ද මේ වන විට සම්පූර්ණ නතර ව ගොස් ඇති බවත් ඩීසල් තොග පසුගිය මැයි 7 වනදා අවසන් වී ඇති බවත් පැවසූ ඔහු ඒ නිසා තාප විදුලි බලාගාරවලින් විදුලි ජනනය කිරීම අවම මට්ටමකට පත්ව ඇතැයිද පැවසීය.

 

No comments

Ads Place