Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

යල කන්නයේ වී වගාවටත් කාබනික පොහොර දෙනවා -කෘෂිකර්ම ඇමති

වී වගාව සඳහා අවශ්‍ය රසායනික පොහොර කඩිනමින් ලබා දෙන බවත් වගා හානි සඳහා වන්දි ලබා දීම එළඹෙන සඳුදා සිට සිදු කරන බවත් කෘෂිකර්ම හා වාරිමාර්ග අමාත...

වී වගාව සඳහා අවශ්‍ය රසායනික පොහොර කඩිනමින් ලබා දෙන බවත් වගා හානි සඳහා වන්දි ලබා දීම එළඹෙන සඳුදා සිට සිදු කරන බවත් කෘෂිකර්ම හා වාරිමාර්ග අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.
යල කන්නයේ වී වගාව සඳහා අවශ්‍ය වන ඝන හා දියර කාබනික පොහොර ලබා දීමට මේ වන විටත් කටයුතු කර ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා, යූරියා පොහොර කඩිනමින් ආනයනය කිරීමට කටයුතු සලසා ඇති බව ද සඳහන් කරන ලදී.
සමස්ත ලෝකයේම යූරියා පොහොර නිෂ්පාදනය අඩු මට්ටමක පවතින බව සඳහන් කළ අමාත්‍යවරයා මෙරට ගොවීන් සඳහා අවශ්‍ය යූරියා පොහොර මෙට්‍රික් ටොන් 65,000ක්, රාජ්‍ය තාන්ත්‍රික මැදිහත් වීමෙන් ඉන්දියාවෙන් ආනයනය කිරීමට මේ වන විටත් රජයට අයත් පොහොර සමාගම් විසින් කටයුතු සූදානම් කර ඇති බව ද සඳහන් කළේය.

වගා හානි සඳහා වන්දි ගෙවීම එළඹෙන සඳුදා සිට සිදු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන ලදී.
පොහොර මිල සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, පොහොර අලෙවිකරුවන් විසින් අධික මිලගණන් වලට පොහොර අලෙවි කිරීම තුළ ගොවියා අපහසුතාවට පත් වන බැවින් පොහොර අලෙවිය සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දීමට කටයුතු කරන බවයි.
එමෙන්ම ගොවීන් සඳහා පොහොර සහනාධාරයක් ලබා දීමට ද කටයුතු සලසා ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන ලදී.

මාධ්‍ය ඒකකය,
කෘෂිකර්ම හා වාරිමාර්ග අමාත්‍යාංශය

 

No comments

Ads Place