Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ලංකාවේ විදෙස් සංචිතය ඩොලර් බිංදුවයි..- මුදල් ඇමති

අද වන විට මෙරට ඇත්ත විදේශ සංචිතය බිංදුවයි’ යයි මුදල් ඇමැති අලි සබ්රි මහතා සඳහන් කරයි. ශ්‍රී ලංකාවට ණය ගෙවන්න හැකියාවක් නැතැයි ප්‍රකාශ කිරීමට...

අද වන විට මෙරට ඇත්ත විදේශ සංචිතය බිංදුවයි’ යයි මුදල් ඇමැති අලි සබ්රි මහතා සඳහන් කරයි.

ශ්‍රී ලංකාවට ණය ගෙවන්න හැකියාවක් නැතැයි ප්‍රකාශ කිරීමට සිදුවූයේ ඒ නිසා බව ද හෙතෙම පැවසීය.

රූපවාහිනී නාලිකාවක සාකච්ඡාවට එක්වෙමින් හෙතෙම මෙසේ කියා සිටියේය.

‘ලංකාවේ විදේශ සංචිතය ඩොලර් බිලියන 1.9ක් කිව්වට එක ද්‍රවශීලතා ශතයක්වත් පාවිච්චි කරන්න බෑ. ඒක තියෙන්නේ ‘ස්වොප්’ එකක් හැටියට. ලෝකෙට පෙන්වනවා මෙච්චර ප්‍රමාණයක් තියෙනවා කියලා. ඒත් අද වනවිට අපේ ඇත්ත සංචිතය බිංදුවයි’

මේ අතර අද පාර්ලිමේන්තුව අමතමින් ඔහු සදහන් කලේ ශ්‍රී ලංකාව සතු විදේශ සංචිතවලින් භාවිතයට ගත හැක්කේ ඩොලර් මිලියන 50කටත් වඩා අඩු ප‍්‍රමාණයක් බවයි

 

No comments

Ads Place