Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

විදුලි කප්පාදුව තවත් දීර්ඝ වෙයි..

දැනට රට තුළ සිදු කරන විදුලි කප්පාදුව පැය පහක් දක්වා ඉහළ දැමීමේ අවදානමක් පවතින බව ලංකා විදුලි ඉංජිනේරු සංගමය පවසයි. නොරොච්චෝල බලාගාරයේ ජනන යන...

දැනට රට තුළ සිදු කරන විදුලි කප්පාදුව පැය පහක් දක්වා ඉහළ දැමීමේ අවදානමක් පවතින බව ලංකා විදුලි ඉංජිනේරු සංගමය පවසයි.

නොරොච්චෝල බලාගාරයේ ජනන යන්ත්‍රයක් අක‍්‍රිය වීම හේතුවෙන් මෙම තත්ත්වය උදාවී ඇති බව සංගමයේ සභාපති අනිල් රංජිත් ඉදුවර මහතා පැවසීය.

විදුලි කප්පාදුව දීර්ඝ නොකර සිටීමට නම් තාප විදුලිය හෝ ජල විදුලියෙන් අමතරව විදුලි උත්පාදනය කළ යුතු බවත් මේ මොහොතේ එය ඉතා අසීරු තත්ත්වයක් බවත් හෙතෙම සඳහන් කළේය.

කෙසේ වෙතත් මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා සඳහන් කරන්නේ දැනට ක්‍රියාත්මක විදුලි කප්පාදුව ඉහළ නොදමන ලෙස විදුලිබල මණ්ඩලයට දැනුම්දී ඇති බවයි.

 

No comments

Ads Place