Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බේකරි හා ආපනශාලා පවත්වාගෙන යෑමට නොහැකි තත්වයක්

පසුගිය දිනවල තිරිගු පිටි , ගැස් ,සහ ආහාර ද්‍රව්‍ය මිල ඉහල යාම හමුවේ බේකරි නිෂ්පාදන වල අලෙවිය අඩු වි ඇති බවත්, ආපනශාලා වල ආහාර ගැනිමට පැමිණෙන...

පසුගිය දිනවල තිරිගු පිටි , ගැස් ,සහ ආහාර ද්‍රව්‍ය මිල ඉහල යාම හමුවේ බේකරි නිෂ්පාදන වල අලෙවිය අඩු වි ඇති බවත්, ආපනශාලා වල ආහාර ගැනිමට පැමිණෙන පාරිභෝගිකයන්ගේ විශාල අඩුවක් පවතින බව එම කර්මාන්තය පවත්වාගෙන යන ව්‍යාපාරිකයන් කියා සිටියි.

පාන් ඇතුළු බේකරි නිෂ්පාදන වල මිල ගත වු මාස කිහිපය තුල අවස්තා කිහිපයකදි වැඩි විම සහ බේකරි නිෂ්පාදන සදහා භාවිතා කරනු ලබන අමු ද්‍රව්‍ය මිල වැඩි විම හමුවේ අලෙවිය මේ වන විට ඉතා පහත වැටි එම කර්මාන්තය වසා දැමිමේ අවධානමකට පත් වි ඇති බව බේකරි හිමියන් කියා සිටින්නේ.

මේ අතර ආපනශාලා හිමියන් කියා සිටින්නේ දැනට පවතින ගැස් අර්බුධය හමුවේ සහ පිටි මිල ඇතුළු ආපනශාලා වලට ආහාර ද්‍රව්‍ය පිළිවෙල කිරිම සදහා භාවිතා කරන සහල් ඇතුළු ද්‍රව්‍ය කිහිපයකම මිල ඉහල යාම හමුවේ පිලියෙල කරන ලද සැම ආහාර ද්‍රව්‍යකම මිල ඉහල යාම හමුවේ තම වෙලදසැල් වලට පාරිභෝගිකයන් පැමිණිමේ විශාල අඩුවක් ඇති බවයි ආපනශාලා හිමියන් කියා සිටියේ.

ආපනශාලා වල සේවය කරන සේවකයන්ගේ පඩිය , කඩ කුලිය , විදුලි සහ ජල බිල්පත් ගෙවිමේදි තමන් එම ව්‍යාපාරයෙන් කිසිදු ආදායමක් නොලැබිම හමුවේ එම ව්‍යාපාරයද වසා දැමිමට සිදු වන බව හැටන් නගරයේ ආපනශාලා හිමියන් වැඩිදුරටත් පැවසිය.

 

No comments

Ads Place