Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සජිත් - අනුර සර්වපාක්ෂික ආණ්ඩුවකට බෑ කිව්වා - වාසුදේව කියයි

දැනට යෝජනා වී ඇති සර්ව පාක්ෂික ආණ්ඩුව සඳහා සම්බන්ධවීමට නොහැකි බව සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ පවසා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී වා...

දැනට යෝජනා වී ඇති සර්ව පාක්ෂික ආණ්ඩුව සඳහා සම්බන්ධවීමට නොහැකි බව සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ පවසා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි.

ඔවුන් ඉල්ලා සිටින්නේ මැතිවරණයක් වුවද මේ මොහොතේ මැතිවරණයක් කැඳවීමට ජනාධිපතිවරයාට බලයක් නැති බව ද හෙතෙම කියා සිටියේය.

තවත් මාස හයකින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය ඇති බවත් එසේ
නැතිනම් පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කිරීමෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකි බවත් ඔහු පැවසීය. නමුත් ඒ සඳහා අවශ්‍ය ඡන්ද සංඛ්‍යාව කිසිවෙකුට නැති බවද ඔහු සදහන් කරයි.

ජනතාව මේ මොහොතේ මැතිවරණයක් ඉල්ලා නොසිටින බවත් ඔවුන්ගේ ජීවන බර සැහැල්ලු කිරීම සඳහා සජිත්ට හෝ අනුරට උවමනාවක් නැති බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.

 

No comments

Ads Place