Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

භූමිතෙල් අවභාවිත වෙනවා..-අමාත්‍ය කාංචන

රට තුළ භූමිතෙල් අවභාවිතා වන තත්වයක් නිර්මාණය වී ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළේය. ඒ නිසා අඩු ආදායම්ලාභී ජනතාව...

රට තුළ භූමිතෙල් අවභාවිතා වන තත්වයක් නිර්මාණය වී ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළේය.

ඒ නිසා අඩු ආදායම්ලාභී ජනතාවට ප්‍රාදේශීය ලේකම් හා ධීවර පරීක්ෂක සහතික කරවා ගෙන දෛනික අවශ්‍යතාවට ප්‍රමාණවත් භූමිතෙල් ලබා දීමට අවශ්‍ය උපදෙස් ලබා දී ඇති බවද හෙතෙම පැවසීය.

ධීවර ක්ෂේත්රයේ සහ අඩු ආදායම් තීරුවල මෙන්ම වතුකර ජනතාවගේ අවශ්‍යතාවයන් සඳහා භූමිතෙල් සහනාධාර විශේෂයෙන් ලබාදෙන බවද ඇමතිවරයා පවසයි.

භූමිතෙල් සඳහා ලියාපදිංචි වී ඇති පිරවුම්හල් වලට අඛණ්ඩව භූමිතෙල් ලබාදෙන බවත් එසේ ලබා දෙන භූමිතෙල් බස්රථ, ලොරි රථ මෙන්ම අනෙක් කර්මාන්ත වලට විශාල ප්‍රමාණයක් පාවිච්චි කිරීමෙන් මෙසේ අවභාවිතාවක් සිදුවන බවද හෙතෙම කියා සිටියේය.

භූමිතෙල් ලීටරයක් රුපියල් අසූ හතක් වැනි සහන මිලකට ලබා දුන්නද එම ලීටරයක වියදම රුපියල් 350 කට වැඩි බව ද හෙතෙම පාර්ලිමේන්තුවේදී පැවසීය.

 

No comments

Ads Place