Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

තවත් ඇමතිධූර 50ක්???

තවත් පනස් දෙනෙකුට පමණ ඇමති ධුර ලබාදීමට යන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා සඳහන් කරයි. එසේ ඇමතිධූර ලබා දී 21 වන සංශ...

තවත් පනස් දෙනෙකුට පමණ ඇමති ධුර ලබාදීමට යන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා සඳහන් කරයි.

එසේ ඇමතිධූර ලබා දී 21 වන සංශෝධනය සම්මත කර ගැනීමට උත්සාහයක් දරන බවද හෙතෙම පැවසීය.

තම සමාජ ජාල ගිණුම් ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් ඔහු මෙම අදහස් පල කරයි.

දේශපාලන වාසි වලට ලාබ වලට කටයුතු කරන්නේ නම් අද තමන් මුදල් අමාත්‍යවරයා බවද හෙතෙම එහිදී කියා සිටියේය.

තම මෝටර් රථයට ඉන්ධන ලබා ගැනීම සඳහා ඉන්ධන පෝලිමක සිටින අතරතුර ඔහු මෙම වීඩියෝව අන්තර්ජාලයට එක්කර තිබේ.

 

No comments

Ads Place