Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

21 පරදවන්න බැසිල් ක්‍රියාත්මකයි..

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති 21 වෙනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පරාජය කිරීම සඳහා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ...

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති 21 වෙනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන
පනත් කෙටුම්පත පරාජය කිරීම සඳහා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සැලසුම් කරමින් ඇති බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.

ද්විත්ව පුරවැසිභාවය අහෝසි කිරීම මෙන්ම ජනාධිපති වරයාගේ බලතල කප්පාදු කිරීම වැනි වගන්ති අත්හැරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බැසිල් රාජපක්ෂ මහතාගේ උවමනාව මත බලකරමින් ඇති බවද එම වාර්තාව සඳහන් කරයි.

ඇතැම්විට සංශෝධනයේ එම වගන්ති පාර්ලිමේන්තුවේදී සම්මත නොකිරීමට ද පොදුජන පෙරමුණ කටයුතු කරන ඇතැයිද සඳහන් වෙයි.

මේ අතර අග්‍රාමාත්‍ය කාර්යාලය ඉදිරිපිට ඊයේ දිනයේ විරෝධතාවයක් සිදුකළේ කවුරුන්දැයි සොයා බලන්නැයි එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන විසින් දැනුම්දී ඇති අතර එය ගෝටාගෝගම විරෝධතාකරුවන් විසින් සිදුකරන ලද්දක් නොවන බවද සඳහන් කර තිබේ.

21 වන සංශෝධනය ඉදිරිපත් කිරීමට එරෙහිව අමාත්‍යවරයාට එරෙහිව බලපෑම් කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඔහුට විරුද්ධව විරෝධතා ඇති කිරීමට උත්සාහ කරමින් සිටින්නේ යැයි ද එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සැක කරන බවත් පුවත්පත කියා සිටී



 

No comments

Ads Place