Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මුදල් ඇමතිකම ගන්න කෙනෙක් නෑ..IMF ගමනත් කොට උඩ

අලි සබ්රි මහතා පැය විසි හතරකට අඩු කාලයකින් මුදල් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු මුදල් අමාත්‍ය ධූරය භාර ගැනීමට බොහෝ මන්ත්‍රීවරුන් මැලිකම...

අලි සබ්රි මහතා පැය විසි හතරකට අඩු කාලයකින් මුදල් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු මුදල් අමාත්‍ය ධූරය භාර ගැනීමට බොහෝ මන්ත්‍රීවරුන් මැලිකමක් දක්වන බව ඩේලි මිරර් පුවත්පත වාර්තාකරයි.

රජයට සහ ජනාධිපතිවරයාට එරෙහිව නැගෙන ජනතා විරෝධය ඊට හේතු වී ඇති බවත් ඒ නිසා මුදල් අමාත්‍ය තවදුරටත් තවදුරටත් හිස්ව ඇති බවත් වාර්තාව කියා සිටී.

ජාතික ලැයිස්තුව ස්වාධීන ආර්ථික විශේෂඥයකු පත් කිරීමට ජනාධිපතිවරයාට ඉඩ සලසා දෙමින් සබ්රි මහතා අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වූ නමුත් මේ වනවිටත් ඒ කිසිවක් සාර්ථක නොවූ බව එම වාර්තාව කියා සිටී.

මෙම තත්ත්වය මත ජනාධිපතිවරයා මුදල් අමාත්‍ය ධූරය සඳහා සුදුසු අයකු තෝරා ගැනීමට නොහැකිව තවදුරටත් ඒ පිළිබඳව සොයා බලමින් සිටියි.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳව සාකච්ඡා කිරීමටත් ආධාර ලබා ගැනීමටත් මුදල් අමාත්‍යවරයා සහ ශ්‍රී ලංකාවේ නියෝජිත පිරිස අප්‍රේල් දෙවැනි සතියේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත යාමට සැලසුම් කර සිටි බැවින් ඒ සඳහා වන කාලය දැන් අවසන් වෙිමින් ඇතැයිද වාර්තාව වැඩි දුරටත් කියා සිටී.

 

No comments

Ads Place