Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඇමතිගේ කාර්යාලය වටලා විරෝධතා

ගාමීය ආර්ථික බෝග වගා සහ ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන් මහතාගේ වව්නියාව පක්ෂ කාර්යාලය ඉදිරිපිට විරෝධතා කරුවන් පිරිසක් විරෝධතාවයක යෙදී...

ගාමීය ආර්ථික බෝග වගා සහ ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන් මහතාගේ වව්නියාව පක්ෂ කාර්යාලය ඉදිරිපිට විරෝධතා කරුවන් පිරිසක් විරෝධතාවයක යෙදී තිබේ.

ඔවුන් ඉල්ලා ඇත්තේ ජ්‍ය අමාත්‍යවරයාට ධුරයෙන් ඉල්ලා අස් වන ලෙසයි.

එමෙන්ම ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා ඇතුළු ආණ්ඩුවද ගෙදර යා යුතු බවද ඔවුහු මෙහිදී සටන් පාඨ පවසා තිබේ.

වවුනියාව නගරයේ සිට රාජ්‍ය අමාත්‍යවරයාගේ පක්ෂ කාර්යාලය ඉදිරිපිට පැමිණි මෙම පිරිස විරෝධතා කර තිබේ.

විරෝධතාකරුවන් එහි පැමිණෙද්දී රාජ්‍ය අමාත්‍යවරයා එම කාර්යාලයේ සිටි සියලු දෙනා පොලීසියේ උපදෙස් මත කාර්යාලය වසා දමා ඉන් ඉවත්ව ගොස් තිබේ.

විසභංග යෝජනාවට සහාය නොදී වවුනියාවට යළි නො පැමිණෙන ලෙසද ඔවුන් රාජ්‍ය අමාත්‍යවරයාගේ කාර්යාලයේ ගේට්ටුවේ විරෝධතා සටන් පාඨ ලියා ගොස් තිබේ.

 

No comments

Ads Place