Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රාජපක්ශවරු ඉවත් වී මෙරටින් පිටව යා යුතුයි

රටට හොද නායකයෙක් බිහි විමට නම් රාජපක්ෂ පවුල් රටේ පාලන බලයෙන් ඉවත් වි මෙරටින් පිටව යායුතු බව කදුරට ජනතා පෙරමුණේ නායක සහ නුවරඑලිය දිස්ත්‍රික් ...

රටට හොද නායකයෙක් බිහි විමට නම් රාජපක්ෂ පවුල් රටේ පාලන බලයෙන් ඉවත් වි මෙරටින් පිටව යායුතු බව කදුරට ජනතා පෙරමුණේ නායක සහ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම වි.රාධාක්‍රිෂ්ණන් (සජබ) මහතා පැවසිය.

වි.රාධාක්‍රිෂ්ණන් මහතා ඒ බැව් කියා සිටියේ නොර්වුඩ් පොලිස් වසමට අයත් ඉන්ජස්ට්‍රි වතු යායේ ශ්‍රි මුත්තුමාරි අම්මන් හින්දු කොවිලේ කොත් පැළදවිමේ උත්සවයට සහභාගි විමෙන් අනතුරුව (27) දින එම වතු යායේදි මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමිණි.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු වි.රාධාක්‍රිෂ්ණන් මහතා කියා සිටියේ.

අගමැති තුමා දවසින් දවස එක එක කතා කියනවා, මම යන්නේ නැ , එලෙව්වත් යන්නේ නැ කියනවා.

ගාලු මුවදොර පිටියේ ජනතාව එක්රැස් වෙලා 18 වෙනි දිනටත් කියන්නේ අස්වෙලා යන්න කියලා.

නමුත් අගමැතිතුමා කියනවා යන්නේ නැ කියලා , හාමුදුරුවරුන්ට කියනවා හෙට අනිද්දා මම අයින් වෙනවා කියලා.

ජනතාවට එකක් කියනවා , මාධ්‍යට එකක් කියනවා , පුජ්‍ය පක්ෂයට එකක් කියනවා මෙයා මොන මගුල කරනවාද දන්නේ නැ.

අපි කියනවා කරුණාකරලා අයින් වෙලා යන්න මිනිස්සුන්ට කන්න දෙන්න බොන්න දෙන්න.

ශ්‍රි ලංකාව දැන් හිගාකන තැනට පත්වෙලා , පසුගිය කාලයේ ලංකාව පොසත් රට කියලා විදේශිය අයෝජකයන් ඇවිල්ලා ලංකාවේ අයෝජනය කලා.

දැන් මොකද වෙලා තියෙන්නේ , අපිට වඩා දුප්පත් රටවල් වලට ගිහින් ඉන්ධන , ඖෂධ , සිමෙන්ති ඉල්ලනවා.

අර්බුධ වලක්වන්න කිසිදු අවධානයක් දුන්නේ නැ , කොවිඩ් සමයේ අපි කිව්වා ගුවන්තොටුපොලවල් වහන්න කියලා ඒවා ඇහුවේ නැ. ඒ වෙලාවේ මුට්ටයක් ගගට දැම්මා මිසක් කිසිවක් කරේ නැ.

මේ අර්බුධ ඇති වෙනකොට විපක්ෂයක් සියළු දෙනාමත් කිව්වා අයි.එම්.එකට යන්න කියලා අහුවේ නැ , නැ නැ අපිට ඩොලර් එනවා අපි බය නැ කිව්වා.

මොල හතක් තියෙන බැසිල් රාජපක්ෂව දැම්මා මුදල් ඇමති විදිහට එයා ඔක්කොම කලා ගියා.

සිමෙන්ති වැඩි වුණා , ඉන්ධන වැඩි වුණා , දැන සබන් මිල වැඩි වෙලා නාන්නේ නැතු ගද ගහා ගහා තමයි ඉන්න වෙන්නේ.

පොලිම් යුගය නතර කරන්න ඕනි , තිරිගු පිටි නැති නිසා පාන් පොලිමක් එන්නත් පුළුවන්.

රටට හොද පාලකයෙක් එන්න නම් රාජපක්ෂ පවුල් පාලනයෙන් ඉවත් වෙලා රටෙන්ම ගියත් කමක් නැ යනුවෙන් පැවසිය

 

No comments

Ads Place