Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රඹුක්කනදී අයෙක් මිය ගියේ අවම බලය යොදලා..-පොලිස්පති

රඹුක්කනදී ඇතිවූ කලහකාරී සිදුවීමේදී පොලිසිය යෙදවූයේ අවම බලය බව පොලිස්පති සී.ඩී. වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. එම විරෝධතා කරුවන් ඉන්ධන ලීටර 300...

රඹුක්කනදී ඇතිවූ කලහකාරී සිදුවීමේදී පොලිසිය යෙදවූයේ අවම බලය බව පොලිස්පති සී.ඩී. වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

එම විරෝධතා කරුවන් ඉන්ධන ලීටර 3000ක් ඇති ඇති බවුසරයක ගිනි තැබීමට උත්සාහ කිරීම වැළැක්වීමට සහ ඉන් සිදුවිය හැකි විශාල හානිය වළක්වා ගැනීමට මෙසේ පොලිසිය අවම බලය යොදවන ලද බවද පොලිස්පතිවරයා පැවසීය.

“පැය 12කට අධික කාලයක් රැඳී සිටි පුද්ගලයින් කලහකාරී ලෙස හැසිරෙමින් ත්‍රීරෝද රථයටක ගිනි තැබීමට කටයුතු කර ඉන්ධන බවුසරයක් ද ගිනි තැබීමට උත්සාහ කළා.

ඒ අවස්ථාවේදී ඔවුන් විසුරුවා හැරීමට පොලීසිය විසින් කරන ලද අවවාද නොතකා කටයුතු කිරීම හේතුවෙන් බැටන් ප්‍රහාරයක් හරහා විසුරුවා හැරීමට කටයුතු කළා.

තවදුරටත් ඔවුන් කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කරමින් ඔවුන්ව මැඩපැවැත්වීම සඳහා පියවර ගත්තා.

එහිදී පිරිසක් විසිර ගියද තවත් පිරිසක් කණ්ඩායම් කිහිපයකට බෙදී දුම්රිය මාර්ගයේ ඇති ගල්වලින් පොලිස් නිලධාරීන් දෙසට ප්‍රහාරයක් එල්ල කළා.

එහිදී බවුසරය ගිනි ගැනීම වැළැක්වීමට ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරීන්ට ද එහිදි බරපතළ ප්‍රහාරයක් එල්ල කළා. ඔවුන්ව වටකර පහරදීමට උත්සාහ කළ අවස්ථාවේදී එම අවස්ථාවට සුදුසු පරිදි අවම බලය යෙදවීමට කටයුතු කළා.

එම අවස්ථාවේදී අහසට වෙඩි තැබුවත් ඔවුන් පාලනය වුණේ නෑ. එහිදී දණහිසෙන් පහළට වෙඩි තැබීමට නියෝග කරමින් පිරිස විසුරුවා හැරීමට කටයුතු කර තිබෙනවා

තවදුරටත් පොලිස් ඇඳිරීනීතිය පැනවීමටත් කටයුතු කළා.

මෙහිදී පොලිස් නිලධාරීන් බලය ඉක්මවා කටයුතු කර ඇත්දැයි සොයා පොලිස් මූලස්ථානය මට්ටමින් ද විමර්ශනයක් සිදු කිරීමට මා විසින් කටයුතු සිදුකරනවා.”

මෙම ගැටුම්කාරී සිදුවීමේදී එක් අයෙකු මියගොස් 28 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

 

No comments

Ads Place