Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඉන්ධන ප්‍රමිතිය අවුල් ද???

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ තොග ගබඩාවලින් නිකුත් කරන ඉන්ධන නියමිත ප්‍රමිතියෙන් යුක්ත බවට සහතික වන බව සංස්ථාවේ රසායනාගාර කළමනාකරු නලීන් චන්ද්‍ර...

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ තොග ගබඩාවලින් නිකුත් කරන ඉන්ධන නියමිත ප්‍රමිතියෙන් යුක්ත බවට සහතික වන බව සංස්ථාවේ රසායනාගාර කළමනාකරු නලීන් චන්ද්‍රසිරි පැවසීය.

ඒ මහතා මෙසේ පැවසුවේ ප්‍රමිතියකින් තොර ඉන්ධන වෙළෙඳපොළට නිකුත් කර ඇතැයි ඇතැම් පිරිස් කරන චෝදනාව සමබන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසුමකට පිළිතුරු දෙමිනි.

මෙරටට ගෙන්වන ඛනිජ තෙල් නෞකාවල තෙල් සාම්පල් හතර වරක් පරීක්ෂාවට ලක්වන බවත් එම පරීක්ෂණ කරන්නේ එකම පරීක්ෂණාගාරයක නොවන බවත් පෙන්වා දුන් ඒ මහතා සඳහන් කළේ සෑම අවස්ථාවකම ජනතාවගේ ආරක්ෂාවට මුල්තැන දෙමින් විනිවිදභාවයෙන් යුතුව කටයුතු කරන බවයි.

යම් ඉන්ධන නෞකාවක ඇති ඉන්ධන ප්‍රමිතියෙන් තොර බව තහවුරු වුවහොත් එවැනි තෙල් තොග ප්‍රතික්ෂේප කිරීමට සංස්ථාව පියවර ගන්නා බව ද ඒ මහතා සඳහන් කළේය.

 

1 comment

  1. Earlier fuel consumption of my vehicle about 9.5km per liter (Diesel) But now consumption about 7.5km per liter. Considerable loss. Reason may be low quality fuel.

    ReplyDelete

Ads Place