Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඇමතිවරුන් ඉල්ලා අස් වූයේ ජනතා විරෝධය නිසා නොවේ...

කැබිනට් මන්ඩලයේ සියලු අමාත්‍යවරුන් ඊයේ දිනයේ ඉල්ලා අස් වීමට කටයුතු කර ඇත්තේ ජනතා විරෝධය රට පුරා උත්සන්න වීම ප‍්‍රධානම හේතුව නොවන බව වාර්තා ව...

කැබිනට් මන්ඩලයේ සියලු අමාත්‍යවරුන් ඊයේ දිනයේ ඉල්ලා අස් වීමට කටයුතු කර ඇත්තේ ජනතා විරෝධය රට පුරා උත්සන්න වීම ප‍්‍රධානම හේතුව නොවන බව වාර්තා වෙයි.

ආණ්ඩුව පවත්වාගෙන යාම සදහා අවශ්‍ය සරල බහුතරය අහිමි වී ඇතැයි ලැබුනු තොරතුරු මෙම තීරණයට ප‍්‍රධාන වශයෙන් බලපා ඇත.

රැස්වීමට නියමිත පාර්ලිමේන්තු දිනයේදී විශ්වාසභංගයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් සකස් වී තිබීමත් එය ඉදිරිපත් වුවහොත් පාර්ලිමේන්තුව කල් තැබීමට හෝ වාරාවසාන කිරීමට ජනාධිපතිවරයාට හැකියාව අහෝසි වීමත් සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇතැයි ද දැනගන්නට ඇත.

ආණ්ඩුවෙන් ඉවත් කණ්ඩායම විසින් ජනාධිපතිවරයාටත් දැනුම් දී තිබුණේ වහා භාරකාර රජයක් යටතට රට පත් කරන්නේ නැතිනම් පාර්ලිමේන්තුවේ බහුතරයෙන් ආණ්ඩුව පරාජය කර භාරකාර රජයක් පිහිටුවීමට කටයුතු කරනා බවයි.

එමෙන්ම ජනාධීපතිවරයා විසින් බලාත්මක කරන ලද හදිසි අවස්ථාව පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට අභියෝගයක් වීමද මෙහිදී අවධානයට ලක්ව ඇත.

 

No comments

Ads Place