Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පරිවාස ආණ්ඩුවේ අගමැති වෙන්න රනිල් සූදානම්..

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ ජනාධිපතිවරයාට ලබාදී ඇති අධික බලතල ඉවත් කර පරිවාස ආණ්ඩුවක් පිහිටුවීමට පියවර ගතහොත් එහි අගමැතිධුරය භ...

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ ජනාධිපතිවරයාට ලබාදී ඇති අධික බලතල ඉවත් කර පරිවාස ආණ්ඩුවක් පිහිටුවීමට පියවර ගතහොත් එහි අගමැතිධුරය භාර ගැනීමට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සූදානම් බව එජාප නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන පැවැසීය.

කෙසේ වෙතත් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක තිබියදී එවැනි කිසිදු තනතුරක් එජාප නායකයා භාරනොගනු ඇති බවද එජාප නියෝජ්‍ය නායකයා සඳහන් කළේය.

කොළඹදී කැඳවා තිබූ මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.

‘‘වත්මන් ජනාධිපතිවරයා හෝ ආණ්ඩුව සමග එක්ව කටයුතු කිරීමට එක්සත් ජාතික පක්ෂය සූදානම් නැහැ. ඒවගේම මේ වෙලාවේ මැතිවරණයට යෑමත් සුදුසු දෙයක් නෙමෙයි. මේ මොහොතේ මැතිවරණයකින් රටේ ප්‍රශ්න විසඳන්න බැහැ. දැන් අපිට අවශ්‍ය පරිවාස ආණ්ඩුවක්. පරිවාස ආණ්ඩුවක් මගින් ජනතාවට අවශ්‍ය කඩිනම් සහන ලබාදීලා, ඉන් පසුවයි මැතිවරණයකට යෑම සුදුසු වන්නේ. ඒ විදිහට පරිවාස ආණ්ඩුවක් හැදුවොත් රනිල් වික්‍රමසිංහ එහි අගමැති ධුරය භාරගැනීමට සූදානම්. නමුත් විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ ජනාධිපතිවරයා සතුව අසීමිත බලයක් පවතිද්දී ඒ විදිහට අගමැතිධුරය භාරගැනීම තේරුමක් නැති දෙයක්’’

 

No comments

Ads Place