Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මිලේනියම් සිටි පන්නයේම බුද්ධි අංශ පාවා දීමක්???

පාස්කු ප්‍රහාරයේ විමර්ෂණය සම්බන්ධයෙන් අති උතුම් කාදිනල් මැල්කම් හිමිපාණන් සහ කතෝලික පුජකතුමන්ලා දැනුවත් කිරීමට කටයුතු කරන බව ආණ්ඩු පක්ෂයේ ප්...

පාස්කු ප්‍රහාරයේ විමර්ෂණය සම්බන්ධයෙන් අති උතුම් කාදිනල් මැල්කම් හිමිපාණන් සහ කතෝලික පුජකතුමන්ලා දැනුවත් කිරීමට කටයුතු කරන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඒ සදහා උන්වහන්සේගෙන් දිනයක් ලබා ගැනීමට අපේක්ෂා කරන බව ද රණතුංග මහතා පාර්ලිමේන්තුවේ දි කීවේය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවති විවාදයේ දි අදහස් පළ කරමින් ඔහු මේ බව සදහන් කළේය.

ඇමතිවරයා සදහන් කළේ මෙම පාර්ලිමේන්තු විවාදයේ දී කාදිනල් හිමියන් සහ කතෝලික පූජකතුමන්ලා පැවසු බව කියමින් ඇතැම් විපක්ෂ මන්ත්‍රීවරු සාවද්‍ය කරුණු ඉදිරිපත් කළ බවයි. මේ නිසා පාස්කු ප්‍රහාරයට අදාළ විමර්ෂණ සම්බන්ධයෙන් අති උතුම් කාදිනල් හිමියන්ට සහ පූජකතුමන්ලාට කිසියම් සැකයක්, අවිශ්වාසයක් හෝ ගැටළුවක් ඇත්නම්  එය නිරාකරණය කර ගැනීම සදහා රජය පාර්ශවයෙන් කරුණු ඉදිරිපත් කිරිමට සුදානම් බව ද ඔහු සදහන් කළේය.

පාර්ලිමේන්තුවේ පැවති පාස්කු ප්‍රහාරය පිළිබද විවාදයේ දි ඇතැම් විපක්ෂයේ මන්ත්‍රිවරුන් ප්‍රහාරයට අදාළ කුමන්ත්‍රණය සිදු කළේ මැලේසියාවේ දි බවත් ඉන්පසු එය ඉන්දියාවේ සිට මෙහෙයවු බවත් සදහන් කලේ යැයි පෙන්වා දුන් ඇමතිවරයා මෙම කුමන්ත්‍රණය කළ හා මෙහෙයුම සිදු කළ පුද්ගලයා අදාළ විපක්ෂ මන්ත්‍රීවරයා දන්නේ නම් ඒ පිළිබද නීත්‍යානුකුළ පැමිණිල්ලක් සිදු නොකරන්නේ මන්දැයි ප්‍රශ්න කළේය. මේ පිළිබද තොරතුරු වසන් නොකරන ලෙසත්, එවැනි තොරතුරු ඇත්නම් විමර්ෂණ සිදු කරන අංශ වෙත ඒවා ලබාදීම ඔවුන්ගේ යුතුකම බවත් ඇමතිවරයා කීවේය.

විපක්ෂයේ ඇතැමුන් මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් බුද්ධි අංශ නිළධාරින්ගේ නම් ගම් පවා හෙළි කරමින් බොරු චෝදනා කරන බව පැවසු ඇමතිවරයා මේ නිසා අදාළ නිළධාරින්ගේ ජිවිත වලට පවා තර්ජනයක් මතු වි ඇතැයි පෙන්වා දුන්නේය. වත්මන් විපක්ෂය මිලේනියම් සිටි පාවා දිම මගින් මෙරට බුද්ධි අංශවල සිටි ප්‍රධාන නිළධාරින් රැසකගේ ජීවිත අහිමි කළ බවත්, මෙරට ජාතික ආරක්ෂාව බිද වැට්ටවු බවත් පෙන්වා දුන් ඇමති ප්‍රසන්න රණතුංග මහතා වත්මන් විපක්ෂය සුදානම් වන්නේ මිලේනියම් සිටි පන්නයේම බුද්ධි අංශ පාවාදීමකට යැයි ද චෝදනා කළේය.

 

No comments

Ads Place