Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අත්‍යාවශ්‍ය සේවා, ඉන්ධන සීමාවෙන් පිටතට

අත්‍යවශ්‍ය සේවාවන් සඳහා ඉන්ධන සීමාවන් බල නොපාන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි. අත්‍යවශ්‍ය සේවාවන් සඳහා ඉන්ධන ලබා ගැනීමට හැකි බව...

අත්‍යවශ්‍ය සේවාවන් සඳහා ඉන්ධන සීමාවන් බල නොපාන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.

අත්‍යවශ්‍ය සේවාවන් සඳහා ඉන්ධන ලබා ගැනීමට හැකි බව සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා පැවසීය.

ඊයේ දිනයේ සිට සිපෙට්කෝ පිරවුම් හල් වලින් වාහන සඳහා ඉන්ධන නිකුත් කිරීමේදී සීමා පනවා ඇති අතර එම සීමා පැනවීම සති දෙකක කාලයක් සඳහා ක්‍රියාත්මක වෙයි.

යතුරු පැදි සඳහා රුපියල් දහසක, ත්‍රීරෝද රථ සඳහා රුපියල් 1500ක, කාර් වෑන් ජීප් ඇතුළු අනිත් වාහන සදහා රුපියල් 5000 දක්වා පමණක් ඉන්ධන නිකුත් කිරීමට සීමා කර තිබේ.

නමුත් ලොරි බස් ඇතුළු පොදු ප්‍රවාහන සහ කෘෂිකාර්මික කටයුතු වලට යෙදවෙන වාහන සඳහා එම සීමා බල නොපායි.

මේ වන විට අත්‍යවශ්‍ය සේවා ලෙස සේවාවන් රැසක් නම් කිරීමට රජය කටයුතු කර ඇත.

 

No comments

Ads Place