Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

'මගේ නිවස වටලන්න ආපු අයව ගමේ මිනිස්සු හරවලා යැව්වා'- රාජ්‍ය ඇමති පියල්

ජනතාව තමන්ගේ පීඩනය සාමකාමී විරෝධතා විදිහට මතු කරන එක සාධාරණයි’ යයි රාජ්‍ය ඇමති පියල් නිශාන්ත ද සිල්වා මහතා පවසයි. ඔහු මෙම අදහස් පල කරන ලද්දේ...

ජනතාව තමන්ගේ පීඩනය සාමකාමී විරෝධතා විදිහට මතු කරන එක සාධාරණයි’ යයි රාජ්‍ය ඇමති පියල් නිශාන්ත ද සිල්වා මහතා පවසයි.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ පාර්ලිමේන්තුව අමතමිනි.

‘මගේ නිවස අසල ටත් විරෝධතාවල නිරත වෙලා ඉන්න පිරිසක් ආවා. බේරුවල නගරයේ පැවතුණු විරෝධතාවයකදී යම් පිරිසක් විසින් උසි ගැන්වීමක් නිසා තමයි ඒ පිරිස ආවේ. අලුත්ගම කන්දේ විහාරය අසලින් මේ පිරිසට ඉදිරියට එන්න ලැබුණේ නෑ. අපේ ගම් ප්රතදේශයේ ආදරණීය ජනතාව ඒ අයට හැරිලා යන්න කියලා කිව්වා. අවසානයේ අපේ ගමේ අයගේදැඩිවිරෝධය මත ඒ අයට හැරිලා යන්න උනා. කිසිම ගැටුමක් කළබලයක් හානියක් වුනේ නෑ. හැබයි ජාතිවාදී ආගම්වාදී දේවල් මේ කියන අරගලය ඇතුලේම නිර්මාණය කරන්න සමහරු උත්සහා කරන බව අපි බේරුවල දී ඊයේ වෙනකොට දැක්කා. කරුණාකරලා කියන්නේඑහෙම කරන්න එපා මේ රට අපි අපේ දරුවන්ට ආරක්ෂා කර දියයුතුයි. මම දරුවන් වෙනුවෙන් වැඩ කරපු ඇමතිවරයෙක්මේ කෙටි කාලය තුළරට තුළ ආකල්පමය වෙනසක් ඇති කිරීම උදෙසාවිශාල වැඩ කොටසක් කරන්න පුළුවන් වුණා කියලාමම විශ්වාස කරනවා. මහ පොළොවේ පය ගහලා ඉන්න මිනිහෙක් විදියට මටමේ තනතුර ඇමති පට්ටම් වැඩක් නෑ. මම මේ ගැනවැඩිදුරටත් කතා කරන්න කැමති නෑ. මේ මොහොතේ මම ස්තුතිවන්ත වෙනවා බුද්ධිමත්ව කටයුතු කරපු අපේ ගමේ සහෝදර ජනතාවට.

ආණ්ඩු පක්ෂ මන්ත්රීන වරයෙක් හෝ රජයේ රාජ්ය් අමාත්යබවරයෙක් ලෙස නොවෙයි මම මේ කතව කරන්නේ. ශ්රීර ලාංකීය පුරවැසියෙක් මහජන නියෝජිතයෙක් සහ ගුරුවරයෙක් විදිහට. පවතින දේශපාලන අර්බුදය, ආර්ථික අර්බුදය හෝ ව‍ර්තමායේ පවතින විෂම දේශපාලන සංස්කෘති තවත් පරපුරකට භාරදිය යුතු නෑ කියන ස්ථාවරයේ තමයි මම ඉන්නේ. සමස්ත ශ්රීප ලාංකීය දරු පරපුරේ යහපත අපේක්ෂාවෙන් කටයුතු කරපු අමාත්යාවරයෙක්විදිහටමමඉල්ලීම් කරනවා මේ උත්තරීතර පාර්ලිමේන්තුවෙන්. කිසිම තේරුමක් නැති කතා පවත්ව පවත්ව තවදුරත් කල් මරන්න එපා. මේ අපේ රට මේ අපේ දරුවන්ගේ ජීවිත. ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට තීරණයක් ගන්න අවස්ථාව දීලා තියෙනවා. අපි ගන්න තීරණයේ දේශපාලන වාසී අවාසී තරාදියක දලා කිර කිර ඉන්න අපිට බෑ. එහෙම වෙළාවකුත් නෑ. මේ තනතුර පට්ටම් හැම දේකට වඩා වටින්නේ අපේ රට. මගේ රටේ අපේ දරුවෝ ටික. පාර්ලිමේන්තු දිහා මිනිස්සු බලාගෙන ඉන්නවා අමතක කරන්න එපා. වර්තමානයේ අපි හමුවේ තියෙන මේ ආර්ථික අර්බුදය එක දවසක එක මොහොතක නිර්මාණය වුණ එකක් නෙවෙයි. අවුරුදු ගණනාවක් තිස්සේ අපි නියෝජනය කරපු නොකරපු පක්ෂ විපක්ෂ ආණ්ඩුවල තීන්දු තීරණ නිසා ඇතිවුණු අර්බුදයක්. හැමදාම මේක මහජනතාවට මතුපිටින් පෙනුනෙ නෑ. නමුත් covidවසංගතයෙන් පස්සේ රට තුළ ඇතිවුණු තත්ත්වයක් ගෝලීය වශයෙන් ඇති වුණු තත්වයත් හේතුවෙන් මේ අර්බුදය ජනගත වුණා. ඒ නිසා ජනතාව පීඩාවට පත්වුණා. අදටත් පීඩාවට පත්වෙනවා. ජනතාව තමගේ පීඩනය සාමකාමී විරෝධතා විදිහට මතු කරන එක සාධාරණයි. අපි ඔවුන්ගේ හඬට ඇහුම්කන් දෙන්න ඕනෑ. ඒත් අමතක කරන්න එපා මේ විරෝධතා ඇතුලේ තමන්ගේ දේශපාලන උවමනාවන් වෙනුවෙන් වැඩ කරන පිරිසක් ඉන්නවා. ඒ අය රටේ මහජනතාව භාවිතා කරනවා. මේ අරගලයට නායත්වයක් වැඩපිළිවෙළක් නැත්තේ ඒ නිසා. ගෝඨා ගෝ හෝම් කියන කවුරුත් ඊලඟට කරන්න ඕනෑ දේ කියන්නේ නෑ.අවසානයේ වෙන්නේ තවත් රට ආරාජික වෙන එක විතරයි. ඒත් මං එක දෙයක් කියන්න කැමතියි හැමදාම දේශපාලනයඅස්සෙ හැංගිලා තිබිච්ච මේ ප්රවශ්නේ ජනතාව දැන ගත්ත එකපැත්තකින් හොඳයි. මේ රටේ දරුවෝ අපි හැමෝටම ගෙදරය යන්න කියනවා කමක් නෑ. පුතේ කමක් නෑ. උඹලා මේ රටේ දේශපාලනයේ යථාර්තය තේරුණ එක ගැන ගුරුවරයක් විදිහට මට සතුටුයි. මේ පාර්ලිමේන්තුව ඇතුලේ වගේම පිටත් ඉන්න අයත් දන්නවා පහුගිය වසර දෙකේ දරුවන් සහ කාන්තාවන් වෙනුවෙන් ඓතිහාසික විශාල වැඩ කොටසා කරන්න මගේ අමාත්යාං ශය පුළුවන් වුණා. ඇමතිකෙනෙක් වුණත් නොවුණත් මට පෞද්ගලික එදා ඉදන්ම තිබේ මේ රටේ දරුවන් වෙනුවෙන් යමක් කරන්න වුවමනාවක්. ඒත් මේ මොහොතේ රටේ දරුවගේ අනාගතය අදුරු වෙලා. මට මේ පාර්ලිමේන්තුවේ නිකන් බලාගෙන ඉන්න බෑ. මං කියනවා තැටිය රත් වෙනකල් ඉන්න ලෑස්ති වෙන්න එපා. රට ගිණි ගනීයි. ඊයේ දවසේ මම එක අත්වින්දා …

මට ගුරුවරයෙක් විදිහට ඉල්ලීමක් තියනවා කරන්න මේ වෙනකොට පාරට බැහලා ඉන්න අපේ රටේ දුවලා පුතාලගෙන්..

දුවේ පුතේ උඹලාගේ වේදනාව සාධාරණයි. උඹලා රටට ආදරෙයි ඒක මම දන්නවා. දුවේ පුතේ මේ රටේ තියෙන්නේ කුණුවුණ දේශපාලන ක්රිමයක්. උඹලා එකට විරුද්ධයි ඒත් උඹලා ඒකේ ස්භාවය දන්නේ නෑ. උඹලගේ අරගලයේ කරමතින් දේශපාලනය කරලා බලය අල්ලන්න මිසක් ඇත්තට රට හදන්න මේ දේශපාලන ඇතුලේ ගොඩක් මිනිස්සුනට ඕනේ නෑ. ඒ නිසා පරිසමෙන්. අරගලය සහ විරෝධතා ව්යායපාර කියන්නේ දෙකක්. අරගලයක නායකයක් වැඩපිළිවෙළක් සංවිධානයක් ඕනෑ. නැත්නම් අරගලය කවුරු හරි දේශපාලන වශයෙන් තමගේ වාසියට භාවිතා කරනවා ඔටුන්න ඔළුවට දාගන්න.

එක නවත්වන්න බෑ. මේ රටේ වගේම ලෝකයේ දේශපාලන ඇතුලේ එහෙම වෙලා තියනවා. මේ රටේ බල දේශපාලන උවමනාවන් වෙනුවෙන් බිලිගත්ත තරුණ ජීවිතය කොච්චර කියලා උඹලා දන්නේ නෑ. මේ දේශපාලන කරන ගොඩක් මිනිස්සුන්ට උඹලගේ ජීවිතය එච්චර වටින්නේ නෑ. මාත් එක්ක කවුරු තරහා වුණත් මම මේක කියනවා. උඹලා මට හිනාවෙයි. මේ කතාව පිලිගන්න එකක් නෑ. ඒත් ගුරුවරයෙක් විදිහට මම උඹලාට කියනවා. උඹලගේ වේදානාව උඹලා කියන උඹලාගේ ඔය අරගලය පාවිචිචි කරනවා. මොකක්ද උඹලා අතේ වැඩපිළිවෙළක් නෑ. උඹලාගේ ජීවිත බිලි දීලා වුනත් ඒ අය ඒක කරයි. පුතේ පරිස්සමෙන්. උඹලා නායක්තව අරගෙන ප්රිජාතන්ත්ර වාදීව පාර්ලිමේන්තුට වරෙන්. කවුරුත් වෙනුවෙන් පාවිච්චි වෙන්න එපා. ගුරුවරයෙක් විදිහට මට මේ මන්ත්රී් ආසනය උඹලාට දීලා ගෙදර යන්න බැරිකමක් නෑ’

 

No comments

Ads Place