Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ආණ්ඩුවේ ලොක්කෙක් ඩීසල් බවුසර් 12ක් උස්සයි

ජනාධිපති පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සමීප නිලධාරියකුගේ බලපෑම් හේතුවෙන් පවතින ඞීසල් හිගය නොතකා අඹතලේ ප‍්‍රදේශයේ ඇති ඉන්ධන පිරවුම් හලකට අඛණ්ඩව ඞීසල...

ජනාධිපති පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සමීප නිලධාරියකුගේ බලපෑම් හේතුවෙන් පවතින ඞීසල් හිගය නොතකා අඹතලේ ප‍්‍රදේශයේ ඇති ඉන්ධන පිරවුම් හලකට අඛණ්ඩව ඞීසල් සැපයීමට සිදුව තිබීම නිසා මේ වනවිට ඛනිජ තෙල් සංස්ථා සේවකයෝ දැඩි අසීරුතාවට ලක්ව සිටිති.

ඛනිජ තෙල් සංස්ථාවේ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ හිටපු අධ්‍යක්‍ෂවරයකුගේ බිරිඳට අයත් ඉන්ධන පිරවුම් හලකට මෙසේ ඞීසල් සැපයීමට ඛනිජ තෙල් සංස්ථා සේවකයන්ට සිදුව ඇත.

කොළඹ ඇතුළු තදාසන්න ප‍්‍රදේශවල ඉන්ධන හල් රැසක ඞීසල් හි`ග වීමෙන් අර්බුද රැුසක් තිබියදී ජනාධිපතිවරයාගේ බලය සියතට ගෙන සිටින නිලධාරීන් මේ අන්දමට එක් ඉන්ධන හලකට ප‍්‍රමුඛතාව ලබාදීම බලවත් අසාධාරණයක් බව ඉන්ධනහල් හිමියෝ සඳහන් කරති. පවතින ජනතා විරෝධය හමුවේ ජනාධිපතිවරයාට සමීප නිලධාරීන් මේ අන්දමට කටයුතු කිරීම තවදුරටත් ජනාධිපතිවරයා අපහසුතාවට පත්කරවන්නක් බවද ඔවුුහු පෙන්වා දෙති.

පසුගිය දින කිහිපයක් තුළ අදාළ ඉන්ධන හලට විශාල ඞීසල් බවුසර් අටක්ම සැපයීමට මෙම නිලධාරියාගේ බලපෑම් හේතුවෙන් ඛනිජ තෙල් සංස්ථා සේවකයන්ට සිදුව ඇති අතර මේ වනවිට තවත් ඞීසල් බවුසර් හයක් එම ඉන්ධන හලට ලබාදීමට නියමිතව තිබෙන බවද අනාවරණය වේ.

 

No comments

Ads Place