Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

IMF කියන තරම් අවදානමක් නෑ..-මුදල් ඇමති

මෙරට ආර්ථිකය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ ඇතැම් අවදානම් කරුණු අතිශයෝක්තියෙන් යුතුව සඳහන් කර තිබූ බව මුදල් ...

මෙරට ආර්ථිකය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ ඇතැම් අවදානම් කරුණු අතිශයෝක්තියෙන් යුතුව සඳහන් කර තිබූ බව මුදල් අමාත්‍යාංශය ඇමැති මණ්ඩලයට කරුණු වාර්තා කරමින් පෙන්වා දෙයි.

ඇතැම් අවදානම් කරුණු විසඳීම සඳහා බලධාරීන් විසින් ගෙන ඇති උත්සාහයන් අවතක්සේරුවට ලක්ව ඇති බව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ වාර්තාවෙන් පෙන්වා දෙයි.

රජයේ විදේශ ණය ප්‍රමාණය ක්‍රමික අඩුවීමක් දක්නට ලැබෙන බවද 2022 වසර අවසාන වනවිට අමෙරිකා ඩොලර් බිලියන 11ක් දක්වා විදේශ ණය අඩු වන බව මුදල් ඇමැතිවරයාගේ අදහසයි.

ආහාර උද්ධමනය 25%ක් වන අතර එය අවම කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවද මුදල් ඇමැතිවරයා පෙන්වා දෙයි.

ඉල්ලුම පාදක කරගත් උද්ධමන පීඩනය අවම කිරීම සඳහා දැඩි මුදල් ප්‍රතිපත්තියක් ශ්‍රී ලංකා මහ බැංකුව ක්‍රියාත්මක කරන බවද මුදල් අමාත්‍යාංශය යොමු කර වාර්තාවේ දැක්වෙයි.

කොවිඩ් වසංගතයේ බලපෑම ක්‍රමයෙන් මැකී යන විට ආර්ථිකය නැවත සක්‍රිය වන බවද මුදල් ඇමැතිවරයා පෙන්වා දී තිබේ.

 

No comments

Ads Place