Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ගෑස් නැවේ ගෑස් ඉවරයි..යලිත් ගෑස් හිග වෙයිද??

දැනට මෙරටට පැමිණ ඇති ගෑස් සහිත නෞකා නිදහස් කරගැනීමට ඩොලර් නොමැති වීම මත වෙළඳපොළට ගෑස් නිකුත් කිරීම අද සිට අවම වනු ඇතැයි ලිට්රෝ ගෑස් ආරංචි මා...

දැනට මෙරටට පැමිණ ඇති ගෑස් සහිත නෞකා නිදහස් කරගැනීමට ඩොලර් නොමැති වීම මත වෙළඳපොළට ගෑස් නිකුත් කිරීම අද සිට අවම වනු ඇතැයි ලිට්රෝ ගෑස් ආරංචි මාර්ග කියා සිටියි.

මීට දින තුනකට පෙර මුදල් ගෙවා ගොඩබාන ලද එක් නෞකාවක තිබූ ගෑස් මෙට‍්‍රික් ටොන් 2500 බෙදාහැරීම අද දිනයෙන් අවසන් වන බව එම ආරංචි මාර්ග පැවසීය.

සමාගම විසින් ආනයනය කරන ලද තවත් ගෑස් මෙට්‍රික් ටොන් හත්දහසක් අඩංගු නෞකා දෙකක් ශ්‍රී ලංකාව අවට මුහුදේ දැනට සතියකට වැඩි කාලයක් තිස්සේ නැංගුරම් ලා තිබේ.

මෙම නැවු නිදහස් කරගැනීමට අවශ්‍ය ඩොලර් ලබාදෙන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවට අවස්ථා කිහිපයකදීම දැනුම් දී තිබේ.

ගෑස් හිගය හේතුවෙන් දැනටමත් ගෑස් අලෙවි සැල් ඉදිරිපිට දීර්ඝ පෝලිම් දක්නට ඇති අතර රට පුරා ආපන ශාලා, බේකරි විශාල ප‍්‍රමාණයක් වසා දමා ඇත.

 

No comments

Ads Place