Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ගෙයක් පාසා ඇහෙන්නේ පාපකාරී ආණ්ඩුවට එරෙහි සාපයයි..- විපක්ශ නායක

ගෙයක් ගෙයක් ගානේ ඇහෙන්නේ මේ පාපකාරී ආණ්ඩුවට එරෙහිව සාප කිරීම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා (26) පැවසීය. ඒ සාපය කුසගින්නෙන් දැවෙන ජනතා...

ගෙයක් ගෙයක් ගානේ ඇහෙන්නේ මේ පාපකාරී ආණ්ඩුවට එරෙහිව සාප කිරීම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා (26) පැවසීය.

ඒ සාපය කුසගින්නෙන් දැවෙන ජනතාවගේ සාපය. ඒ සාපය දරුවන් අඩන වේදනාව දරාගන්න බැරිව දෙමව්පියෝ හෙලන සාපය. ඒ සාපය අධ්‍යාපනය අහිමි වෙච්චි දරුවන් නගන සාපය. ඒ සාපය රැකියා අහිමි වෙලා ජීවිතය පිළිබඳ බලාපොරොත්තු අත්හැර ගන්න වෙච්ච තරුණයින්ගේ සාපය. ඒ සාපය අස්වැන්න පාළු වෙච්ච කුඹුරු දිහා බලාගෙන හූල්ලන ගොවියන්ගෙන් එන සාපය යැයිද විපක්ෂ නායකතුමා පැවසීය.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ හම්බන්තොට දිසාවේ අධිකරණ සංඝනායක තිස්සමහාරාම ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති, තිස්සමහාරාම මැණික් රාජමහා විහාරස්ථානයේ විහාරාධිපති, ශාස්ත්‍රපති, පූජ්‍යපාද තංගල්ලේ ජිනරතන නායක මාහිමිපාණන් වහන්සේගේ 70 වන ජන්ම දිනය නිමිතිකොටගෙන උන් වහන්සේගේ සිත් තුල පහල වු උදාර සංකල්පයක් ප්‍රකාරව විහාරස්ථාන පරපරිශ්‍රයේ අභිනවයෙන් ධාතු මන්දිරයක් ඉදිකිරීම උදෙසා මුල් ගල් තබා වැඩ ආරම්භ කළ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඒ වෙනුවෙන් මූල්‍ය පරිත්‍යාගයක් සිදු කරනු ලැබීය. එම අවස්ථාවට සහභාගි වූ විපක්ෂ නායකතුමා මේ බව පැවසීය.

බයක් සැකක් නැතුව පැයක් විදුලිය දෙන්න බැරි තැනට මේ රට තල්ලු වෙමින් තියෙන බව පැවසූ විපක්ෂ නායකතුමා තව ටික දවසකින් අලුත් අවුරුද්ද ලබන බවත්, නමුත් අපේ රටේ සෞභාග්‍යයේ මාසය සමරන්න චීනෙන් හාල් ගෙන තැනට මේ රට පත්ව ඇති බවත් විපක්ෂ නායකතුමා පැවසීය.

රටේ ජනතාව හිරි වට්ටලා, පීඩනයේ නිර්වින්දන එන්නත් විදලා රටේ තියන දේශීය සම්පත් ටික විකුණන මෙහෙයුම මේ වෙනකොට ආණ්ඩුව පටන් අරගෙන බව පැවසූ විපක්ෂ නායකතුමා අහසත් විකුනපු ආණ්ඩුවක් විදිහට මේ ආණ්ඩුව ඉතිහාස ගතවූ බවද කීය.

 

No comments

Ads Place