Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මූල්‍ය ආයතනයක ප්‍රධානියෙකු ලෙස සුදුසුකම් නැති අයෙක් පත් කරලා

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් මහ බැංකු අධිපතිවරයා වෙත යොමු කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි. අධිපතිතුමා ශ්‍රී ලංකා මහ බැං...

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් මහ බැංකු අධිපතිවරයා වෙත යොමු කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

අධිපතිතුමා
ශ්‍රී ලංකා මහ බැංකුව
කොළඔ 01.

මූල්‍ය ආයතනයක ප්‍රධානියෙකු ලෙස නිසි සුදුසුකම් නොමැති පුද්ගලයෙක් පත්කිරීම සම්බන්ධයෙන් කරනු ලබන පැමිණිල්ලයි.

අංක: 282/1, CBS ගොඩනැගිල්ල, බම්බලපිටිය යන ස්ථානයේ ප්‍රධාන කාර්යාලය පවත්වාගෙන යනු ලබන SMB Leasing PLC යන මුල්‍ය ආයතනයේ සභාපතිවරයා ලෙස හේවාවසම්ගේ රවින්ද්‍රනාත් ශ්‍රී ලාල් විජේරත්න නොහොත් කැසිනෝ රවී පත්කර ඇත. ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් දෙසැම්බර් 31 වන දින නිකුත් කරන ලද අංක 6 – 2021 දරණ බලපත්‍රලාභි මුල්‍ය ආයතන සදහා ප්‍රධානීන් පත්කිරීමේ මගපෙන්වීමේ ලේඛණය උල්ළංඝණය කරමින් අදාල පත්කිරීම සිදුකිරීම සම්බන්ධයෙන් ඔබතුමාගේ කාරුණික අවධානය යොමු කරමු.

හේවාවසම්ගේ රවින්ද්‍රනාත් ශ්‍රී ලාල් විජේරත්න නොහොත් කැසිනෝ රවී යන අය අංක: 09, 15 වන පටුමග, කොළඔ 03. දරණ ස්ථානයේ පවත්වාගෙනු යනු ලබන ස්ටාර් ඩස්ට් රෑන්ක් එන්ටර්ටේට්මන්ට් හෝල්ඩින් ආයතනයේ අධ්‍යක්ෂකවරයෙකු ලෙස කටයුතු කරනු ලබයි. උක්ත ආයතනය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන හත්සිය හැටක බදු මුදලක් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා විසින් 2020-07-24 දින කොළඔ මහේස්ත්‍රාත්තුමා වෙත වාර්තා කරමින් නඩු පවරා ඇත.

මෙවැනි පුද්ගලයෙකු බලපත්‍රලාභී මුල්‍ය සමාගමක ප්‍රධානියෙකු ලෙස කටයුතු කිරීම පාරිභෝගිකයින්ට සිදු කරනු ලබන විශාල අගතියක් වන බැවින් හේවාවසම්ගේ රවින්ද්‍රනාත් ශ්‍රී ලාල් විජේරත්න නොහොත් කැසිනෝ රවී යන අය SMB Leasing PLC යන බලපත්‍රලාභී මුල්‍ය සමාගමේ සභාපතිතනතුරෙන් ඉවත් කිරීම සදහා නිර්දේශ නිකුත් කරන ලෙස ඔබතුමාගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමු.

පවතින නීති හා රෙගුලාසි වලට අනුව එසේ කටයුතු කිරීමට ඔබ අපොහොසත් වුවහොත් ඔබට විරුද්ධව නීති ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවද දන්වමු.

රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

 

No comments

Ads Place