Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සර්ව පාක්ශික සමුළුවට එන්න කැබිනට් ඇමතිධූරයක් ඉල්ලලා..

කැබිනට් අමාත්‍යධුර ලබා නොදුන් නිසා ඇතැම් පක්ෂ නායකයින් සර්ව පාක්ෂික සමුළුවට සහභාගි නොවු බව වනජිවි සහ වන සංරක්ෂක අමාත්‍ය සි.බි.රත්නායක මහතා ප...

කැබිනට් අමාත්‍යධුර ලබා නොදුන් නිසා ඇතැම් පක්ෂ නායකයින් සර්ව පාක්ෂික සමුළුවට සහභාගි නොවු බව වනජිවි සහ වන සංරක්ෂක අමාත්‍ය සි.බි.රත්නායක මහතා පැවසිය.

සි.බි.රත්නායක අමාත්‍යවරයා ඒ බැව් කියා සිටියේ ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ මස්කෙලිය ආසනයේ තරුණ බල මණ්ඩල රැස්විම (28) දින පස්වරුවේ අඹගමුව ප්‍රාදේශිය සභා ශ්‍රවණාගාරයේ පැවති අවස්තාවේදිය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු අමාත්‍ය සි.බි.රත්නායක මහතා කියා සිටියේ එසේ සර්ව පාක්ෂික සමුළුවට නොපැමිණි පිරිස රට ගැන නොසිතා පෞද්ගලික පරමාර්ථ ඉෂ්ඨ  කරගැනිමේ  අරමුණින් එම සමුළුවට සහභාගි නොවු බවයි.

දේශපාලන වශයෙන් කුමන මතභේද පැවතියද එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එම සමුළුවට සහභාගි වි රට වෙනුවෙන් සර්ව පාක්ෂික සමුළුවට අදහස් සහ යෝජනා ඉදිරිපත් කිරිම පැසසිය යුතු බවයි අමාත්‍ය සි.බි.රත්නායක මහතා කියා සිටියේ.

ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ මස්කෙලිය ආසනයේ තරුණ බල මණ්ඩලය රැස්විමට විශාල පිරිසක් පැමිණ සිටි අතර , මෙම තරුණ බල මණ්ඩල රැස්විමට අම්පාර දිස්ත්‍රික් ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ප.ම ඩබ්ලිව්.ඩි.විරසිංහ මහතාද සහභාගි වි සිටි අතර , ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ මස්කෙලිය ආසන සංවිධායක සහ අඹගමුව ප්‍රාදේශිය සභාවේ සභාපති ජයසංඛ පෙරේරා මහතාද සහභාගි විය.

 

No comments

Ads Place