Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ලංකාවේ 'අරාබි වසන්තය' පටන් ගන්නවා-හරීන්

පවතින ආර්ථික අර්බුදය විසඳීම සඳහා රජයට අවසන් කාල සීමාවක් ලබා දීමෙන් පසු “අරාබි වසන්තය” ආකාරයේ විරෝධතාවයකට යන බව සමගි ජන බලවේගය පවසයි. ඒම පක්ෂ...

පවතින ආර්ථික අර්බුදය විසඳීම සඳහා රජයට අවසන් කාල සීමාවක් ලබා දීමෙන් පසු “අරාබි වසන්තය” ආකාරයේ විරෝධතාවයකට යන බව සමගි ජන බලවේගය පවසයි.

ඒම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ ආර්ථික අර්බුදය විසඳීම සඳහා තම පක්ෂය රජයට මාසයක අවසාන කාල සීමාවක් ලබා දෙන බවත් පසුව රජය පෙරළා දැමීම සඳහා අරාබි වසන්ත ආකාරයේ විරෝධතා දියත් කරන බවත්ය.

“රජයට මාසයක අවසාන කාලයක් ලබාදීමට ගත් තීරණයත්, අඟහරුවාදා දිනට නියමිත විරෝධතාවයේදී අරාබි වසන්තය වැනි විරෝධතාවයකට යාමට අප ගත් තීරණයත් අපි නිල වශයෙන් ප්‍රකාශ කරමු. අපි පා ගමනිකින් පැමින ජනාධිපතිතුමා හමුවෙන්න යනවා. ඒහිදී ඔහුට අවසාන දැනුම් දීමක් කරනවා” යැයි ද මන්ත්‍රීවරයා පැවසීය.

“අපිව විවේචනය නොකර අපිත් එක්ක එකතු වෙන්න කියලා ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සියලුම පක්‍ෂවලට ආරාධනා කරනවා,” ඔහු වැඩිදුරටත් පැවසීය.

 

No comments

Ads Place