Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

උතුරේ ධීවර ගැටළු විසදන බව ඉන්දියාවෙන් කියයි

ඉන්දු ලංකා ධීවර ගැටලුව විසඳීමට උපරිම සහය ලබා දෙන බවටත් එය කඩිනමින් සිදුකල යුතු බවටත් ශ්‍රීලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් ගෝපාල් බැග්ලේ මහතා යා...

ඉන්දු ලංකා ධීවර ගැටලුව විසඳීමට උපරිම සහය ලබා දෙන බවටත් එය කඩිනමින් සිදුකල යුතු බවටත් ශ්‍රීලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් ගෝපාල් බැග්ලේ මහතා යාපනයේ සංචරයක නිරත වෙමින් පවසා සිටියේය.

යාපනය දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේදී පසුගිය කාලවකවානුවේදී ඉන්දීය ධීවර ගැටුම් හේතුවෙන් සහ විවිධ ක්‍රියාකාරකම් හේතුවෙන් පීඩාවන්ට පත් ධීවර පවුල් 600 ක් වෙනුවෙන් රුපියල් 5000 ක් වටිනා වියලි ආහාර ලබාදීමේ අවස්ථාවට ඉන්දීය මහකොමසාරිස්වරයා සහභාගී විය.

මෙම අවස්ථාවට ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාද සහභාගී වූ අතර යාපනය දිසාපති කේ. මහේෂන් මහතා , යාපනය දිස්ත්‍රීක් ධීවර හජ ජලජ සම්පත් දෙපාර්තමේන්තු නිලධාරීන් ඇතුලු පිරිසක් සහභාගී වූහ.

තවද යාපනය දිස්ත්‍රීක් ලෙකම් කාර්යාලයේ පාද අහිමි ආබාද පුද්ගලයින්ට නොමිලේම කෘතිම පාද ලබාදීමේ කඳවුරක් විවෘත්ත කිරීමේ අවස්ථාවකට ඉන්දීය මහකොමසාරිස් වරයා සහභාගී වූ අතර ආබාදිත ලියාපදිංචි වන පුද්ගලයින්ට මාර්තු මස 30 වනදා දක්වා මෙම කඳවුර මගින් නොමිලේම කෘතිම පාද ලබා ගැනීමට අවස්ථාවද මෙමගින් සලසා ඇත.

අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බැග්ලේ මහතා වැඩිදුරටත් පවසා සිටියේ,

‘ඉන්දු ලංකා ධීවර ගැටලුව විසඳීමට උපරිම සහය ලබාදෙන්න සූදානමින් ඉන්නේ. මේ වන විටත් ධීවර ගැටලුව පිළිබඳව යාපනයේ ධීවර සංගම් නායකයින් සමග අපි කොළඹදී සාකච්ඡා කිහිපයක් පවත්වලා තියනවා. මේ ප්‍රශ්නය අනිවර්යෙන් විසඳිය යුතුයි. මේ පිළිබඳය යාපනයේ ඉන්දීයානු නියෝජ්‍ය කොමසාරිස් කාර්යාලයටත් උපදෙස් ලබා දීල තිබෙනවා. ඒ නිසා මේ ගැටලුව විසඳන්න අපිට සියලු දොනාගේ සහය අවශ්‍ය වෙනවා.

ඒ වගේම පසුගියදා කච්චතිව් මංගල්ලයත් සාර්ථකව අවසන් වුනා එය ගැටලුවකින් තොරව අවසන් කිරීමට අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාගේ පූර්ණ සහයෝගය ලබාදීම ගැන සතුටු වනවා. එමගින් ඉන්දු ලංකා සබඳතා පාලමට මහත් රුකලක් වනවා ඉදිරියේදී අප රජයෙන් බොහෝ සංවර්ධන කටයුතු ශ්‍රීලංකාව වෙනුවෙන් ලබාදීමටත් අවධානය යොමු වෙලා තියනවා. යනුවෙනි.

 

No comments

Ads Place