Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

හටන් හමාරයි!… ශ්‍රී.ල.නි.ප.ය යළිත් ආණ්ඩුවේ ඔඩොක්කුවට

පසුගිය දා ඇමති ධුරවලින් ඉවත්  කරන ලද විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ වාසුදේව නානායක්කාර ඇතුළු ආණ්ඩුවේ සෙසු පක්ෂ ගණනක් ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම් ර...




පසුගිය දා ඇමති ධුරවලින් ඉවත්  කරන ලද විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ වාසුදේව නානායක්කාර ඇතුළු ආණ්ඩුවේ සෙසු පක්ෂ ගණනක් ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම් රැස්වීම වර්ජනය කරද්දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඊයේ (09) එම රැස්වීමට එක් වී සිටියේය.


ආණ්ඩුවේ ගමන්මග විවේචනය කරමින් විමල් වීරවංශ උදය ගම්මන්පිල සමග සිටින බව රට හමුවේ ප්‍රකාශ කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙම හැසිරීම සම්බන්ධව අද ක්ෂේත්‍ර ගණනාවක කතා බහට ලක් විය.  .


අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ කමිටු අංක 01 ශාලාවේ පැවති මෙම මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී පාර්ලිමේන්තුවේ කටයුතු සහ ආණ්ඩුවේ ඉදිරි පියවර ගැන සාකච්ඡා කර තිබේ.


මෙම සාකච්ඡාව විමල් වීරවංශගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරු හයදෙනා, උදය ගම්මන්පිල ද අතුරලියේ රතන හිමියෝ ද, ටිරාන් අලස් ගෙවිඳු කුමාරතුංග,ඒ එල් එම් අතාවුල්ලා ඇතුළු කණ්ඩායම සහභාගී වී සිටියේ නැත.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම සමග ශ්‍රී ලංකා මහජන පක්ෂයේ අසංක නවරත්න ආණ්ඩු පක්ෂ රැස්වීමට  එක් වී ඇත.

No comments

Ads Place