Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සතොස බඩු දෙන්න මලු නෑ..ගෙදරින් ගේන්න කියයි

හැටන් සතොස ශාඛාව ඉදිරිපිට කලහකාරි ලෙස හැසිරි එම ශාඛාවේ කලමණාකාරවරයාට සහ සේවකයින්ට පහර දිමට උත්සහ කල සහ ශාඛාවේ විදුරු වලට පහර දිමට උත්සහ කල ප...

හැටන් සතොස ශාඛාව ඉදිරිපිට කලහකාරි ලෙස හැසිරි එම ශාඛාවේ කලමණාකාරවරයාට සහ සේවකයින්ට පහර දිමට උත්සහ කල සහ ශාඛාවේ විදුරු වලට පහර දිමට උත්සහ කල පාරිභෝගිකයෙකු හැටන් පොලිසිය විසින් (28) දින රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇත.

සතොස ඉහල කලමණාකාරිත්වයේ උපදෙස් මත පාරිභෝගිකයන් විසින් මිල දි ගන්නා ආහාර ද්‍රව්‍ය රැගෙන යාම සදහා සුදුසු බැගයක් පාරිභෝගිකයන්ට රැගෙන එන ලෙස කල දැනුම් දිමක් මත හැටන් සතොස ශාඛාව විසින් කිසිදු පාරිභෝගිකයෙකුට බැගයක් ලබා නොදෙන අතර,ඒ පිලිබදව දැන්විමක්ද සතොස ශාඛාව ඉදිරිපිට ප්‍රදර්ශනය කර ඇත.

(28) දින රාත්‍රි 7 ට පමණ විදුලිය කප්පාදු කර ඇති අවස්තාවේ හැටන් සතොස ශාඛාව වෙත පැමිණි පාරිභෝගිකයෙකු ආහාර ද්‍රව්‍ය මිලදි ගෙන එය බිල්පතට ඇතුලත් කිරිමට අයකැමි වෙත පැමිණි අවස්තාවේ අයකැමි විසින් ලබාගත් ආහාර ද්‍රව්‍ය රැගෙන යාම සදහා ගෙනවිත් ඇති බැගය ඉල්ලා ඇත.

එයට උරණ වු පාරිභෝගිකයා සතොස ශාඛාව තුල කලහකාරි ලෙස හැසිරෙමින් එම ශාඛාවේ කලමණාකාරවරයාට සහ සේවකයන්ට පහර දිමට උත්සහ කර සතොස ශාඛාවේ දේපල වලටද හානි කිරිමේ අරමුණින් විදුරු වලට පහර දි ඇති බවයි සැකකරු අත්අඩංගුවට ගත් හැටන් පොලිසියේ නිලධාරින් කියා සිටියේ.

අත්අඩංගුවට ගත් සැකකරු හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

 

No comments

Ads Place