Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

විදුලි බිල ඉහළට..තීන්දුව අද

ඉන්ධන මිල ඉහළ යාම හමුවේ විදුලි බිල වැඩි කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර තිබේ. එසේ මිල වැඩිකරන ප්‍රතිශතයන් සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා ...

ඉන්ධන මිල ඉහළ යාම හමුවේ විදුලි බිල වැඩි කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර තිබේ.

එසේ මිල වැඩිකරන ප්‍රතිශතයන් සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතව ඇත.

ඉන්ධන මිල විශාල වශයෙන් ඉහළ යාම, නිෂ්පාදන පිරිවැය වැඩිවීම, විදුලිය ඒකකයට ලබන පාඩුව ඉහළයාම සහ අවුරුදු නවයකින් විදුලි බිල වැඩි නොකිරීම යන කරුණු සැලකිල්ලට ගනිමින් විදුලි බිල වැඩි කිරීමට යෝජනා වී ඇත.

දැනට විදුලි බල මන්ඩලය වසරකට රුපියල් කෝටි 25,000ක පාඩුවක් ලබන බවත් පවතින තත්වය හමුවේ විදුලි බිල වැඩි කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බව ද මණ්ඩලය පෙන්වා දී තිබේ.

මේ අතර ජල සම්පාදන මණ්ඩලය සඳහන් කරන්නේ විදුලි බිල වැඩි කළහොත් අනිවාර්යෙන්ම ජල බිල ඉහළ දැමීමට සිදුවන බවයි.

ජලය පොම්ප කිරීම සඳහා විදුලිය විශාල වශයෙන් භාවිතා කරන නිසා ඊට සමගාමීව ජල ගාස්තු ඉහළ නැංවීම සිදු කිරීමට සිදුවන බවද මණ්ඩලය කියා සිටී.

 

No comments

Ads Place