Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අද මිනිස්සුන්ට එදා වේල කන්න නෑ..යටත් විජිත කාලෙවත් මෙහෙම උනේ නෑ..-රොෂාන් රණසිංහ

ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ 69 ලක්ෂයේ ඡන්දය සාදන්න අභියෝගත්මක දිස්ත්‍රික්කය භාර ගත්තේ මම. මම එලෙස කටයුතු කලේ මට රට ජාතිය ගැන කැක්කුමක් තිබෙන න...

ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ 69 ලක්ෂයේ ඡන්දය සාදන්න අභියෝගත්මක දිස්ත්‍රික්කය භාර ගත්තේ මම. මම එලෙස කටයුතු කලේ මට රට ජාතිය ගැන කැක්කුමක් තිබෙන නිසායැයි. පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය.

රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා එසේ පැවසුයේ පසුගියදා පොළොන්නරුව, ඇළහැර,  මලුවේයාය ජල පිරිපහදු කිරීමේ යන්ත්‍ර විවෘත කිරීමේ උත්සවයකට සහභාගි වෙමිනි

මත්‍යවරයා එහිදී මෙසේද පැවසීය.

අර්බුද ගණනාවක් යටතේ තමා මෙම වැඩ කටයුතු සිදු කරන්නේ. මේ වන විට කඩා වැටිලා තිබෙන ආර්ථිකය පැලැස්තර නොදමා ස්ථිර විසඳුම් ගෙන දෙමින් ඉදිරියට ගෙන යාම තමා අපි කල යුත්තේ. මෙම තත්ත්වයට විජය රජතුමාවත්, පරාක්‍රම රජතුමාවත්, දුටු ගැමුණු රජතුමාවත් නෙමෙයි වග කියන්න ඕනැ. යටත් විජිත සමයෙදීවත් ඉංග්‍රීසි පාලන කාලයෙදීවත් මෙවන් විපතකට රට පත් වුණේ නැහැ. වසර 73 කාලයේ රටට ඉතා හොඳින් වැඩ කරපු නායකයෝ හිටියා. ඩී.එස්.සේනානායක මැතිතුමා, සිරිමාවෝ බණ්ඩාරණායක මැතිනිය, තිස් වසරක යුධ සාපයෙන් රට ගලවා ගත් මහින්ද රාජපක්ෂ මැතිතුමා වැනි නායකයෝ.


අපි අද කොවිඩ් තත්ත්වයත් එක්ක කබලෙන් ලිපට වැටිලා තිබෙනවා. මේ තත්ත්වයෙන් ගොඩ ඒමට නම් රටේ නිෂ්පාදනය වැඩි විය යුතුයි. රටේ වගා කරලා අස්වැන්න ගන්න බැරිනම් හාල් ගේන්නත් ඉදිරියේදී පිට රටින් ණය ගන්න වෙනවා. තව අවුරුදු කීයක් මෙම ණය ගෙවන්නද.


විදේශීයන්හි සේවය කරන අයට මේ රටේ ආයෝජන අවස්ථා ලබා දිය යුතුයි. ඒ අයගේ මුදල් බැංකු හාරහා ගෙන්වා ගත යුතුයි. දේශීය නිෂ්පාදන වැඩි කරමින් අපනයනය වැඩි කිරීමට වැඩ පිළිවෙළවල් සැකසිය යුතුයි. දේශීය නිෂ්පාදන වැඩි කිරීම සඳහා ජාතික වැඩපිළීවෙළක් හැදුවේ නැත්නම් ආණ්ඩු මාරු වුනහම එම ව්‍යාපාර වැටෙනවා. මේ නිසා කුඩාවටවත් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන පුද්ගලයන්ට විශ්වාසයක් නැති වෙනවා.


අද අපිට එදා වේල කාල යන්න පුළුවන් කමක් නැහැ. ටොපි චොක්ලට් දීලා ජනතාව රවට්න්න බැහැ. සියලු දෙනා එකතු වෙලා තිබෙන ප්‍රශ්ණ හඳුනා ගෙන ගොඩ ඒමට ගියේ නැත්නම් අඳුරේ අතපතගාන තත්ත්වය තමා ඇති වන්නේ. එම නිසා සැලසුම් අනුව කටයුතු කල යුතුයි. ගෝඨාභය ජනාධිපතිතුමාගේ 69 ලක්ෂයේ ඡන්දය සාදන්න අභියෝගත්මක දිස්ත්‍රික්කය භාර ගත්තේ මම. මම එලෙස කටයුතු කලේ රට ජාතිය ගැන මගේ කැක්කුමක් තිබෙන නිසා.


එම නිසා මහජනාව සමඟ බැදෙමින් පත් කර ගත් ජනාධිපතිතුමා සමඟ මේ රට නිවැරිදි මඟ ගෙන යාමට අපි සීයට සීයක්ම කැපවෙනවා කියලා මම සිහිපත් කරනවා.”


එම අවස්ථාවට පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා, ප්‍රජා ජල නිලධාරී වන්නිනායක මහතා ඇතුළු නිළධාරීන් පිරිසක් එක්ව සිටියහ.

 

No comments

Ads Place