Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ගෑස් හා ඉන්ධන ඉල්ලා ජනතාව පොල් ගසයි

තලවකැලේ ප්‍රදේශවාසින් පිරිසක් ගැස් සහ ඉන්ධන ඉල්ලා තලවකැලේ හොලිරුඩ් වතු යායේ කාලි දේවාලයේ දේව කන්නලව්වක් කර රජයට විරුද්ධව පොල් ගසනු ලැබුහ. සම...

තලවකැලේ ප්‍රදේශවාසින් පිරිසක් ගැස් සහ ඉන්ධන ඉල්ලා තලවකැලේ හොලිරුඩ් වතු යායේ කාලි දේවාලයේ දේව කන්නලව්වක් කර රජයට විරුද්ධව පොල් ගසනු ලැබුහ.

සමගි ජන බලවේගයේ නුවරඑලිය දිස්ත්‍රික් සංවිධායක අශෝක සේපාල මහතා විසින් දේව කන්නලව්ව සංවිධානය කර තිබුණි.

තලවකැලේ කාලි දේවාලය වෙත හිස් ගැස් සිලින්ඩර් සහ හිස් බූලි රැගෙන පැමිණි ප්‍රදේශවාසින් දින ගණනාවක සිට නුවරඑලිය දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකම ගැස් හිගයක් පවතින බවත්, ඩිසල් ඉන්ධන නොමැති විමෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති බව පවසමින් කාලි මැණියන් ඉදිරිපිට දේව කන්නලව්වක් කර ජනතාවට පිඩා ඇති කරවන රජයට ශාප වේවා යනුවෙන් ප්‍රකාශ කරමින් පොල් ගැසිමක්ද සිදු කරනු ලැබුහ.

මෙම දේව කන්නලව්වෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දැක් වු සමගි ජන බලවේගයේ නුවරඑලිය දිස්ත්‍රික් සංවිධායක අශෝක සේපාල මහතා කියා සිටියේ මේ රටේ ජනතාවට වැඩිම පිඩාවක් ගෙනදුන්නේ වත්මන් රජය බවයි.

මෙම දේව ශාපයෙන් ජනතාවට පිඩාගෙන දෙන රජය තුරන් කර ජනතාවට සහන සලසන රජයක් මේ රට තුල පිහිටුවිය යුතු බවයි අශෝක සේපාල මහතා කියා සිටියේ

 

No comments

Ads Place