Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පේරාදෙණිය රෝහලේ සියළුම ශල්‍යකර්ම නවතී

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සියලුම ශල්‍යකර්ම තාවකාලිකව නතර කර ඇතැයි ඊයේ දිනයේ නිවේදනය කර ඇත. ඊට හේතු වී ඇත්තේ වෛද්‍ය උපකරණ හා ඖෂධ හිගයයි. මෙම තී...

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සියලුම ශල්‍යකර්ම තාවකාලිකව නතර කර ඇතැයි ඊයේ දිනයේ නිවේදනය කර ඇත.

ඊට හේතු වී ඇත්තේ වෛද්‍ය උපකරණ හා ඖෂධ හිගයයි. මෙම තීරණය ඊයේ දිනයේ සිට නැවත දැනුම්දෙන තුරු ක‍්‍රියාත්මක කරන බවද එහි සදහන් විය.

කෙසේ වෙතත් රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරන්ත මහතා අද නිකුත් කර ඇති නිවේදනයේ දැක්වෙන්නේ එම තීරණය අත්හිටුවවන ලද බවයි.

ශල්‍යකර්ම සඳහා අවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය උපකරණ ලබාදීමට වෛද්‍ය සැපයුම් අංශය පොරොන්දු වීම මත මෙම තීරණය ගෙන ඇත.

මේ අතර මෙරට සංචාරයක යෙදී සිටින ඉන්දීය විදේශ ඇමති ජේ. ජයිශංකර් මෙම සිදුවීම ගැන ට්විටර් සටහනක් තබමින් පවසා ඇත්තේ මෙම තත්ත්වය ඉතා කණගාටුදායක බවයි.

අසල්වැසි රාජ්‍යයක් ලෙස ඉන්දියාවට මීට උපකාර කළ හැකි ආකාරය ගැන අවශ්‍ය පියවර ගන්නැයි කොළඹ ඉන්දීය මහ කොමසාරිස්වරයාට දැනුම් දුන් බවද එහි සදහන්ය.

 

No comments

Ads Place