Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ජනපතිගේ කුඩා ගේ ලග උද්ඝෝෂණය කිරීම ගැන දුකයි..-ඇමති අලුත්ගමගේ

ජනාධිපතිතුමන්ගේ පුද්ගලික නිල නිවස ඉදිරිපිට විපක්ෂයේ ඇතැමුන් විරෝධතා පැවැත්වීම ‍කණගාටුවට කරුණක්’ යයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ම...

ජනාධිපතිතුමන්ගේ පුද්ගලික නිල නිවස ඉදිරිපිට විපක්ෂයේ ඇතැමුන් විරෝධතා පැවැත්වීම ‍කණගාටුවට කරුණක්’ යයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

“ජනාධිපතිවරයාගේ නිල නිවස ඉදිරිපිට විරෝධතා පැවැත්වීම පිළිබඳ අප ඉතාමත් කණගාටුවෙනවා. රටේ ප්‍රජාතන්ත්‍රවාදය මොනතරම් තහවුරු වෙලාද කිව්වොතින් ජනාධිපතිවරයාගේ නිල නිවස ඉදිරිපිටට ගිහිල්ලා උද්ඝෝෂණය කරන්න තරම් මේ රටේ මිනිස්සුන්ට අයිතියක් තියෙනවා. ගොඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ජනාධිපතිවුණාට පසසේ මේ රටේ නව දේශපාලන සංස්කෘතියක් බිහිවුණා.

ජනාධිපතිවරයා අධික මිලක් වැය කරලා විශාල සේවකයන් සංඛ්‍යාවක් පාවිච්චි කරලා, ජනාධිපති මන්දිරය පාවිච්චි කරන්නේ නෑ. අතිවිශාල මුදලක් වියදම් කරලා ජනාධිපති මන්දිරයේ ඉන්න හැකියාව තියෙද්දී තමාගේ පෞද්ගලික පුංචි නිවසක ජනාධිපතිවරයා ජීවත් වෙනවා.

ජනාධිපතිවරයාට පරිවාරක රථ 25 ක් අරගෙන යන්න පුළුවන්කම තියෙද්දී වාහන 03 කින් ජනාධිපතිවරයා ගමන් කරනවා. ජනාධිපතිවරයාට ජනාධිපති මන්දිරයේ බිලියන ගණන් මුදල් වෙන්කරලා තියෙද්දි, වෙනත් ජනාධිපතිවරු වගේ නෙවෙයි බිලියන 1.5 ක් තමා ලේකම් කාර්යාලයේ මුදල් රටට ඉතුරු කළේ.

ඒ නිසා මේ වගේ ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක් ජනතාව වෙනුවෙන් ඒ කැපකිරීම් කරද්දී තුට්ටු දෙකේ වැඩකටයුතු කරන විපක්ෂය ජනාධිපති පුද්ගලික නිල නිවසට ගිහිල්ලා විරෝධතා පැවැත්වීම ඉතාම කණගාටුදායක තත්ත්වයක් කියන එක සඳහන් කරනවා.

 

No comments

Ads Place