Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ගැලවූ ඔටුන්න යලිත් හිසමත

සිය ධූරයෙන් ඉල්ලා අස්වූ අරුන්දික ප්‍රනාන්දු මහතා නැවත සිය රාජ්‍ය අමාත්‍ය ධූරයේ දිවුරුම් දී තිබේ. පොල්, කිතුල් හා තල් වගා ප්‍රවර්ධනය හා ආශ්‍ර...



සිය ධූරයෙන් ඉල්ලා අස්වූ අරුන්දික ප්‍රනාන්දු මහතා නැවත සිය රාජ්‍ය අමාත්‍ය ධූරයේ දිවුරුම් දී තිබේ.


පොල්, කිතුල් හා තල් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ඔහු එම රාජ්‍ය අමාත්‍ය ධූරයේ එලෙස යළි දිවුරුම් දී ඇත.


පසුගියදා ඇතිවූ සිද්ධියක් හේතුවෙන් සිය රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට අරුන්දික ප්‍රනාන්දු මහතා කටයුතු කර තිබුණි.


රාගම වෛද්‍ය පීඨයේ පිරිමි නේවාසිකාගාරයට ඉකුත් පෙබරවාරි 2 වනදා අලුයම කඩාවැදුණු පිරිසක් එහි සිසුන් වෙත පහරදීමක් සිදුකර තිබුණු අතර ඒ සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යවරයාට සහ ඔහුගේ පුත්‍රයාට චෝදනා එල්ල විය.


මෙම පහරදීමට පැමිණි පිරිස අතර රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ රියදුරෙකු බව කියන අයකු ද සිටි බවට හැඳුනුම්පතක් සොයා ගැනුණු අතර සැකකරුවන් පැමිණි පොල් සංවර්ධන අධිකාරියට අයත් මෝටර් රථයක්ද සිසුන් සිය භාරයට ගෙන පොලීසියට භාරදී තිබුණි.


මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ස්වාධීනව සිදුකිරීමට අවශ්‍ය බැවින් ඊට බාධා නොවන ලෙස තමා රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව එහිදී අරුන්දික ප්‍රනාන්දු මහතා දැනුම්දී තිබුණි.

No comments

Ads Place