Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

“රට හරි මගට ” කල්ලියට නායකත්වයේ දෙන්නේ අපි: ශ්‍රීලනිප උප සභාපති

මේ වන විට ලාංකීය දේශපාලන කරලිය උණුසුම්. ඒ වීරවංශ හා උදය ගම්මන්පිල යන මහත්තුරුන් ඇමති ධුරවලින් ඉවත් කිරීම නිසා. පක්ෂ 11 කණ්ඩායම ඊට හේතු වූයේ ...




මේ වන විට ලාංකීය දේශපාලන කරලිය උණුසුම්.


ඒ වීරවංශ හා උදය ගම්මන්පිල යන මහත්තුරුන් ඇමති ධුරවලින් ඉවත් කිරීම නිසා.


පක්ෂ 11 කණ්ඩායම

ඊට හේතු වූයේ ආන්ඩුවේ සන්ධානගත පක්ෂ 11ක සහභාගිත්වයෙන් පැවති "මුළු රටම එක මගට" ප්‍රකාශනය එළිදැක්වීමේ රැස්වීමේදී ඔවුන් දෙපළ මුදල් ඇමතිවරයා හා ආණ්ඩුව විවේචනය කිරීමයි.

එම අවස්ථාවට හිටපු ජනපති හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතාද සහභාගී වී සිටියා.

ආණ්ඩු පක්ෂයේ සන්ධානගත මෙම පක්ෂ 11 කණ්ඩායමේ නායකත්වය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් ශ්‍රී.ල.නි.ප උප සභාපතිවරයා විසින් කර තිබෙනවා.

ඒ මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස විසින්.

කණ්ඩායමේ නායකත්වය

ඔහු සඳහන් කරන්නේ මෙම පක්ෂ 11 කණ්ඩායමට නායකත්වය දෙන්නේ ශ්‍රී.ල.නි.පය බවයි.

ඔහු ඒ බැව් සඳහන් කළේ මහනුවරදී මාධ්‍ය හමුවක් තබමින්.


මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස ශ්‍රී.ල.නි.පයේ හිටපු සභාපතිවරයකු මෙන්ම මහ ලේකම්වරයෙකුද වනවා.

No comments

Ads Place