Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ජල විදුලි බලාගාර කීපයක්ම නවතන්නට වෙයි

ජල විදුලි බලාගාර ආශ්‍රිත ප්‍රදේශවලට ප්‍රමාණවත් වර්ෂාවක් නොලැබීම හේතුවෙන් ඒවායේ ජල මට්ටම් පොදුවේ 28%ක් සීමාව දක්වා පහත වැටී තිබේ. ඒ හේතුවෙන් ...

ජල විදුලි බලාගාර ආශ්‍රිත ප්‍රදේශවලට ප්‍රමාණවත් වර්ෂාවක් නොලැබීම හේතුවෙන් ඒවායේ ජල මට්ටම් පොදුවේ 28%ක් සීමාව දක්වා පහත වැටී තිබේ.

ඒ හේතුවෙන් ජල විදුලි නිෂ්පාදනය 20% දක්වා පහත වැටී ඇතැයි විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් කියා සිටිති.

ඉදිරි දින කිහිපයේදී ප්‍රමාණවත් තරමේ වැසි නොලැබුණහොත් ජලාශ කිහිපයකින් විදුලි නිෂ්පාදනය කිරීම දින 10 කින් පසු නවතා දැමීමට සිදුවන බව ද ඔවුහු පවසති.

මේ වන විට සමනල වැවේ ජල මට්ටම 12% දක්වා කාසල්රි ජල මට්ටම 10% දක්වා පහත වැටී ඇත.

දැනට මාස තුනකට පෙර මෙරට දෛනික විදුලි අවශ්‍යතාවෙන් 70%ක් නිෂ්පාදනය කෙළේ ජල විදුලියෙන් වන අතර දැනට එය ම ප්‍රමාණය 20% දක්වා පහත වැටී ඇත.

මෙම තත්ත්වය මත තාප විදුලි බලාගාර අඛණ්ඩව ක්‍රියාත්මක කරමින් අවශ්‍ය විදුලි ප්‍රමාණය ලබා නිපදවමින් සිටී.

නොරොච්චෝල බලාගාරයේ ජනන යන්ත්‍ර තුනම දැනට ක්‍රියාත්මක වුව ද ඉදිරියේ දී එහි නඩත්තු කටයුතු වෙනුවෙන් එක් යන්ත්‍රය බැගින් හෝ නවතා දැමීමට සිදුවන බව ද ඔවුන් කියා සිටිති.

 

No comments

Ads Place