Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

විමල්,උදය කියන ඒවා මිනිස්සු පිළිගන්නේ නෑ-.-පාර්ලිමේන්තු මන්ත්‍රී දිගම්බරම්

විමල් විරවංශ, උදය ගම්මන්පිල, වාසු දේව නානායක්කාර යන හිටපු ඇමතිවරුන් කියන දේවල් මේ රටේ ජනතාව පිලි නොගන්නා බව නුවරඑලිය දිස්ත්‍රික් පා.ම පලනි ද...

විමල් විරවංශ, උදය ගම්මන්පිල, වාසු දේව නානායක්කාර යන හිටපු ඇමතිවරුන් කියන දේවල් මේ රටේ ජනතාව පිලි නොගන්නා බව නුවරඑලිය දිස්ත්‍රික් පා.ම පලනි දිගම්බරම් මහතා පැවසිය.

පලනි දිගම්බරම් මන්ත්‍රිවරයා ඒ බැව් කියා සිටියේ හැටන් නගරයේ විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමිණි.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු පලනි දිගම්බරම් මහතා කියා සිටියේ.


දැන් අපි සැපද කියලා අහන්න ඕනි රාජපක්ෂලාගෙන් , මොකද යහපාලන ආණ්ඩුවේ පොඩි වැරදිමක් සිදු වුණ ගමන් ඇහුවනේ සැපද සැපද කියලා.


ඉතිහාසයේ මේ ආකාරයට කිසිදු අයුරින් ඉන්ධන මිල වැඩි වෙලා නැ, ඩිසල් ලිටරයක් 215 යි පෙට්‍රල් ලිටරයක් රු 250 යි.


ඩොලරයක් 260 දක්වා ඉහල ගිහින් , බඩු මිල අහස උසට ගිහින්, මිනිස්සුන්ට මෙහෙම ඉවසගෙන හිටියොත් තව මාසයක් යනකොට හිගා කන්න සිදු වෙනවා.


ජනතාවට සොරකම් කරන්න සිදු වෙනවා ඒ නිසා ජනතාව පාරට බැහැලා ආණ්ඩුව එලවන්න කටයුතු කරන්න ඕනි.


රාජපක්ෂලා සහ ඇමතිවරුන් බොරු කියනවා , බැසිල්ට මොල හතක් තියෙනවා කිව්වා, එයා මුදල් ඇමතිකම ලබා ගත්ත දවසේ ඉදන් ඩොලර් මිල වැඩි, ඉන්ධන මිල වැඩි , භාණ්ඩ මිල වැඩි. ජනතාවට එපා වෙලා තියෙන්නේ.


අපේ රටට විතරක් නෙවෙයිනේ කොවිඩ් ප්‍රශ්නය ආවේ, බංගලාදේශය , පකිස්ථානය, ඉන්දියාව කොහොමද මේකට මුහුණ දුන්නේ , පකිස්ථානයේ කොවිඩ් ප්‍රශ්නය මැද ඉන්ධන මිල අඩු කරලා තියෙනවා.


ලෝක වෙලදපොලේ ඉන්ධන මිල අඩු වුණාමත් මේ ආණ්ඩුවෙන් ජනතාවට සහනය දුන්නේ නැ.


විමල් විරවංශ , උදය ගම්මන්පිල , වාසුදේව නානායක්කාර ඒ අය තමයි යහපාලන ආණ්ඩුව විනාශ කරන්න කටයුතු කලේ , ජනතාවට බොරු කියලා , ජාතින් අතර ආගම් බේදය ඇති කරලා.


ඒ කරපු දේම එයාලට වැදුණා, පොහොට්ටුවේ කට්ටිය මෙයාලව එලවලා දැම්මා , මේ අය එක්ක ආයේ ආණ්ඩු කරන්න බැ , මේ අය යන පැත්තට තමයි එකතු වෙන්නේ.


ඒ නිසා රටේ ජනතාවට ඇත්ත කියන්න ඕනි බොරු කිව්වම ජනතාව කවුරුත් ආයේ විශ්වාස කරන්නේ නැ.


විමල් විරවංශලා ආණ්ඩුවෙන් ඉවත් විම විපක්ෂයට කිසිදු ගැටළුවක් නැ , ලංකාව අද සජිත් ප්‍රේමදාස මහතා සමග එකතු වෙලා ඉන්නේ.


මේ අය ආණ්ඩුවේදි එක කතාවක් කියනවා, එළියෙදි තව කතාවක් කියනවා, 20 වෙනි සංශෝධනයට මේ අය ජන්දය ලබා දුන්නනේ, එතකොට බැසිල් හොදයි, බැසිල්ගේ ද්විත්ව පුරවැසිභාවය ගැටළුවක් වුණේ නැ , දැන් තමයි එලියට ඇවිල්ලා බැසිල්ට ගහන්නේ.


විමල්,උදය,වාසුදේව කියන දේවල් රටේ ජනතාව පිලි ගන්නේ නැ , රාජපක්ෂලා මේ අය සියළු දෙනා වගකියන්න ඕනි මේ විදිහට රට බංකොලොත් වුණ එකට.


මේ අය ආණ්ඩුවෙන් එලවන්න කලින් ඇවිල්ලා මේ දේවල් කිව්වනම් විශ්වාස කරන්න තිබුණා නමුත් ආණ්ඩුවෙන් එලෙව්වට පස්සේ මේව කියන නිසා විශ්වාස කරන්න අමාරුයි.


බැසිල් රාජපක්ෂ මහතා ඉන්දියාව බලා යන්න හදනවනේ , එතකොට ඩොලර් බිලියන එකක ණයක් දෙනවනේ , ඒ මුදල් වලට මැජික් එකක් කරයි, දෙසැම්බර් වෙනකොට ජනතාවට හිගා කන්න සිදු වෙනවා.


සල්ලි තියෙන අයට මේක දැනෙන්නේ නැ සල්ලි නැති මිනිස්සු තමයි ලංකාවේ වැඩිපුර ඉන්නේ , මේ අයගේ දුක රාජපක්ෂලාට තේරෙන්නේ නැ.


225 දෙනාම හොරු කියනවනේ, එහෙම කියන්න හොද නැ හොද මිනිස්සුත් ඉන්නවා, හොරුත් ඉන්නවා.


පොහොට්ටුව පැත්තේ තමයි හොරු වැඩියෙන් ඉන්නේ , අපි බලයට ආවේ හොරු අල්ලන්න නමුත් හොරු ඇල්ලුවේ නැනේ ඒ නිසා ජනතාව රිටන් එක දුන්නා.


සජිත් ප්‍රේමදාස මහතා සමග ඒවා බැ හොරු ටික අනිවාර්යෙන්ම අල්ලනවා, මේ ඉන්න විදිහට නෙවෙයි එතුමා බලයට ආවම ඉන්නේ.


රට වැටිලා තියෙන තැනින් ගොඩ ගන්න ජනතාව සහ දේශපාලඥයන් අවංක වෙන්න ඕනි.


ජිවන වියදම වැඩි විම වතු කම්කරුවන්ට විශාල ලෙස බලපානවා, පාන් පිටි මිල වැඩි වෙලා, ඉදිරියේදි සිදු වෙන දේ ගැන කියන්න වචන නැ.


වතු කම්කරුවන්ට රු 80 ට පාන් පිටි ලබාදිම සහනදාරයක්ද , ඒකට රු 80 අය කරනවනේ, ඒක මදි.


2015 දි වගේ ආණ්ඩුව එපා වුණ ගොඩාක් අය ඉන්නවා, ඒ අය මේ පැත්තට එන්න සුදානමින් ඉන්නවා.


ඉදිරියේදි ගැස් , ඉන්ධන මිල වැඩි වෙනවා, මිනිස්සු බොහොම ඉක්මනට ආණ්ඩුවට ගහලා එලවනවා පාරට බැහැලා.


මම පොඩි කාලයේදි දැකලා තියෙන්නේ පාන් පොලිම් විතරයි, දැන් හැමදේටම පොලිම්නේ.


ඩොලර් මිල ඉහල යාමත් සමග රටේ ව්‍යාපාර කටයුතු සියල්ලම අඩාල වෙලා සියල්ල පාඩුයි.


වතු කම්කරුවන්ට රු දහසේ වැටුප ඉල්ලලා හැමදාම හිගා කන්න බැ , ගාල්ල මාතර වගේ තේ ඉඩම් කුඩා තේ වතු හිමියන් වශයෙන් බෙදා දිලා කටයුතු කරා නම් තේ අස්වැන්නත් වැඩි වෙනවා, තේ අපයනය වැඩි වෙනවා, වතු කම්කරුවන්ගේ ආදායම් තත්ත්වයක් වැඩි වෙනවා.


රට බංකොලොත් වෙලා තියෙන්නේ ඒ නිසා මුලින්ම කරන්න ඕනි රටේ ආර්ථික වැඩි දියුණු කරන්න ඕනි, ඒකට ඊලගට බලයට එන නායකයින් සහ රටේ ජනතාව අවංකවෙලා කැප කිරිමක් කරලා කටයුතු කරන්න ඕනි. යනුවෙන් පැවසිය.

 

No comments

Ads Place