Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සැපයුම් අඩාල වී වෛද්‍ය රසායනාගාර සේවා අඩපණ වෙයි

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පෞද්ගලික සමාගම්වලින් ලබා ගන්නා අත්‍යවශ්‍ය වෛද්‍ය සැපයීම් වෙනුවෙන් රුපියල් කෝටි 1000 ක පමණ හිග මුදලක් ගෙවීමට ඇතැයි ...

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පෞද්ගලික සමාගම්වලින් ලබා ගන්නා අත්‍යවශ්‍ය වෛද්‍ය සැපයීම් වෙනුවෙන් රුපියල් කෝටි 1000 ක පමණ හිග මුදලක් ගෙවීමට ඇතැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය සඳහන් කරයි.

එනිසා තවදුරටත් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදෙන වෛද්‍ය සැපයුම් නතර කිරීමට එම සමාගම් තීරණය කර ඇතැයි සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා සඳහන් කළේය.

ඒ හේතුවෙන් රසායනාගාර පරීක්ෂණ නතර වීමේ අවදානමක් හට ගෙන ඇතැයිද ඔහු කියා සිටී.

රසායනාගාර පරීක්ෂණ සඳහා අදාල ප්‍රතික්‍රියක නොලැබීම මත දැනටමත් ඇතැම් පරීක්ෂණ නතර වී ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

තත්වය එසේ තිබියදී සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතැම් වෛද්‍ය උපකරණ වැඩි මිලකට ගජමිතුරන්ගේ මිලදී ගනිමින් සිටින බවටද ඔහු චෝදනා කරයි.

 

No comments

Ads Place