Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ලංකාව අවදානම් බව ජනප්‍රිය යූ ටියුබ් තරුව ලොවට කියයි

ශ්‍රී ලංකාව තුළ ඇති වී තිබෙන විදුලි කප්පාදුව සහ විදේශ විනිමය අර්බුදයෙන් මත ඇතිව තිබෙන තත්ත්වයන් හේතුවෙන් තමන් ශ්‍රී ලංකාවේ සංචාරය අතහැර පිටව...

ශ්‍රී ලංකාව තුළ ඇති වී තිබෙන විදුලි කප්පාදුව සහ විදේශ විනිමය අර්බුදයෙන් මත ඇතිව තිබෙන තත්ත්වයන් හේතුවෙන් තමන් ශ්‍රී ලංකාවේ සංචාරය අතහැර පිටවන බව ජනප්‍රිය යූටියුබ් නාර්මාණකරුවෙකු වන කෙන් එබ්‍රෝඩ් සඳහන් කරයි.

තම යූ ටියුබ් නාලිකාව ගිණුම ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව තුළ සංචාරය වඩාත් නරක අතට හැරෙමින් පවතින නිසා තමන් සංචාරය අතහැර ශ්‍රී ලංකාවෙන් පිටව යන බවයි.

ශ්‍රී ලංකාව තුළ දෛනික පැය හත අටක් විදුලි විසන්ධි වන බවත් එය තමන්ට පමණක් නොව රට තුළ ව්‍යාපාර කටයුතුවලද බරපතළ ගැටලුවක් වී ඇති බවත් හෙතෙම කියා සිටී.

රට තුල බොහෝ අවන්හල් වසා දමා ඇතැයි ද හෙතෙම පෙන්වා දෙයි.

කෙන් එබ්‍රෝඩ් තම වීඩියෝ පට හරහා ලොව පුරා සංචාරයට ප්‍රිය කරන පුද්ගලයන්ට විවිධ සංචාරක ගමනාන්තයන් වෙත ගොස් ම ස්ථාන ලොව පුරා ජනප්‍රිය කරවන්නෙකි.

ඔහු සාමාන්‍යයෙන් තම සංචාරක ගමනාන්තයන් පිළිබඳව ධනාත්මක අදහස් දක්වන්නෙකු වුවත් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මෙවර එක් කර ඇත්තේ අයහපත් ප්‍රතිචාරයකි.

 

No comments

Ads Place