Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

යුක්රේනය සිවිල් ජනතාව නගරවලින් ඉවත් කරවීම අත්හිටුවයි!

රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමේ    10 වන දිනට පැමිණ තිබේ. සිවිල් ජනතාව නගරවලින් ඉවත් කිරීමේ කොරිඩෝ අත්හිටුවා ඇත. රුසියානු හමුදා විසින් වටලන...



රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමේ    10 වන දිනට පැමිණ තිබේ.

සිවිල් ජනතාව නගරවලින් ඉවත් කිරීමේ කොරිඩෝ අත්හිටුවා ඇත.

රුසියානු හමුදා විසින් වටලනු ලැබූ  මරියුපෝල් නගරයෙන් සිවිල් ජනතවා ඉවත් කිරීම  අද (05) නවතා දැමීමට යුක්රේන රජය කටයුතු කළේ    රුසියානු හමුදා වෙඩි තැබීම් නතර කිරීම  සහ සිවිල් වැසියන්  ආරක්ෂිතව ගමන් කිරීමට අදාල  ගිවිසුමක් කඩ කළ බවට චෝදනා කරමිනි.

රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ සෙනසුරාදා රාත්‍රියේ මරියුපෝල් සහ වොල්නොවාකා හි ප්‍රහාරය නැවත ආරම්භ කරන බවයි.

රුසියානු ප්‍රවෘත්ති ඒජන්සිය වන TASS වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් ආරක්ෂක අමාත්‍යාංශය කියා සිටියේ “ප්‍රකාශිත ආරක්ෂක කොරිඩෝව දිගේ එක සිවිල් වැසියෙකුටවත් මරියුපෝල්  සහ වොල්නොවාකා හැර යාමට නොහැකි වූ” බවය.

ආරක්ෂක අමාත්‍යාංශය සෙනසුරාදා කලින් ප්‍රකාශ කර තිබුණේ දින ගණනාවක් දැඩි,   ෂෙල් ප්‍රහාරවලට මුහුණ දුන් නගරවලට බෝම්බ හෙලීම නවත්වන බවයි. නමුත් වෙඩි තැබීම් නවත්වන ලෙස නිවේදනය කිරීමෙන් පැය කිහිපයකට පසු ඉහළ කලාපීය නිලධාරියෙකු පැවසුවේ රුසියාව සිය ගිවිසුම කඩ කළ බවය.


ජාත්‍යන්තර රතු කුරුස කමිටුව (ICRC) ද කියා සිටියේ මරියුපෝල් සහ වොල්නොවාකා වෙතින් සිවිල් වැසියන් ඉවත් කිරීම සැලසුම් කර ඇති පරිදි සෙනසුරාදා සිදු නොවන බව “තේරුම් ගන්නා” බවයි.

No comments

Ads Place