Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඉන්දියාවෙන් ගත් ණයෙන් ගම් වලට 'පොහොට්ටු කඩ'- විපක්ශ නායක

ඉන්දියාවෙන් ලබාගත් ණය මුදලින් ගම්මාන දාහතරදාහක පොහොට්ටු සාමාජිකයෙකු බැගින් තෝරාගෙන වෙළඳසැල් ආරම්භකොට පොහොට්ටු සාමාජිකයන්ට කූපන් ලබා දී ඒ වෙළ...

ඉන්දියාවෙන් ලබාගත් ණය මුදලින් ගම්මාන දාහතරදාහක පොහොට්ටු සාමාජිකයෙකු බැගින් තෝරාගෙන වෙළඳසැල් ආරම්භකොට පොහොට්ටු සාමාජිකයන්ට කූපන් ලබා දී ඒ වෙළඳසැල්වලින් භාණ්ඩ ලබා ගැනීමේ අවස්ථාව සලසා දීමට ආණ්ඩුව කටයුතු යොදමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මේ මොහොතේ රටේ සියලුම දෙනා බරපතළ ව්‍යසනයකට මැදිව සිටින බව පැවසූ ඒ මහතා එවන් තත්ත්වයක් තුළ පෝලිම්වල දුක් විඳින ජනතාව වෙනුවෙන් ආණ්ඩුව ගන්නා ක්‍රියාමාර්ගය කුමක්දැයි විමසීය.

ඒවාට විසඳුම් ලබා දෙනවා වෙනුවට පටු බල දේශපාලන උපාය මාර්ග වෙනුවෙන් රට බිල්ලට දෙමින් සිටින බවද චෝදනා කලේය.

විපක්‍ෂ නායකවරයා මෙම අදහස් පල කරන ලද්දේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප‍්‍රකාශයක් කරමිනි.

 

No comments

Ads Place