Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ආප්ප කල්ලිය ඇමතිකන් අතාරින්න බැරි අර්බුදයක

  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභ්‍යන්තරයේ අර්බුදයක් හටගෙන තිබේ. මෙම අර්බුදයට ප්‍රධාන හේතුව වී ඇත්තේ ආණ්ඩුවේ ඇමති ධුරවලින් ඉවත් වෙනවාද නැද්ද යන්...

 



ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභ්‍යන්තරයේ අර්බුදයක් හටගෙන තිබේ.


මෙම අර්බුදයට ප්‍රධාන හේතුව වී ඇත්තේ ආණ්ඩුවේ ඇමති ධුරවලින් ඉවත් වෙනවාද නැද්ද යන්න තීරණයක් ගැනීමට නොහැකි වීමයි.


ඊයේ දිනයේදී ඒ පිළිබඳ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අභ්‍යන්තරයේ සාකච්ඡාවක් පවත්වා තිබේ.


නිමල් සිරිපාල ද සිල්වා සහ මහින්ද අමරවීර යන අය පවසා ඇත්තේ ‘අප කළ යුත්තේ ඇමති ධුරවලින් ඉවත් වීම නොවෙයි ඒවායේ සිටිමින් අවශ්‍ය කටයුතු කිරීම’ බවයි.


නමුත් බහුතරයගේ මතය වී ඇත්තේ අමාත්‍ය ධුරවලින් වහා ඉවත් වී පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කළ යුතු බවයි.


එහෙත් නිමල් සිරිපාල සහ මහින්ද අමරවීර යන මහත්වරුන් ඇමති ධුරවලින් ඉවත් වීමට තවදුරටත් දැඩි විරෝධය පළ කර ඇත .


ඒ අතරතුර තවත් පිරිසක් කුමාර වේල්ගම සමඟ එක්වීම සුදුසු බවට අදහස් පල කර තිබේ.


ජීවන් කුමාරතුංග මහතා මේ වන විටත් ඉවත් ඉවත්වී ඇති අතර ගාල්ල ප්‍රදේශය නියෝජනය කරන චන්දිම ගමගේ වැනි අය කුමාර වෙල්ගම සමඟ වෙනම ගමනක් යාමට සාකච්ඡා කරමින් සිටී .


මෙම තත්ත්වය මත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ හටගත් අභ්‍යන්තර අර්බුදයට විසඳුම් සෙවීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරු අද දහවල් පක්ෂ මුලස්ථානයට කැඳවා තිබේ.


එහිදී බහුතරයකගේ අදහස වී තිබුනේ වහාම ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවයි.


මේ අතර හෙට ජනාධිපති ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන් වෙත සාකච්ඡාවකට ආරාධනා කර තිබේ.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කෙසේ හෝ ආණ්ඩුව සමග සහයෝගීව තබා ගැනීමට ඔහුගේ උත්සාහය බව ද ආරංචි මාර්ග පවසයි.

No comments

Ads Place