පිටි කිරි යනු දියර කිරිවල ඇති පෝෂ්‍ය කොටස් ඉවත් කර වියලීමට ලක් කර සාදන සුදු පැහැති පිටි වර්ගයක් යයි පශු සම්පත්, ගොවිපළ ප්‍රවර්ධන, කිරි හා බි...
පිටි කිරි යනු දියර කිරිවල ඇති පෝෂ්‍ය කොටස් ඉවත් කර වියලීමට ලක් කර සාදන සුදු පැහැති පිටි වර්ගයක් යයි පශු සම්පත්, ගොවිපළ ප්‍රවර්ධන, කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතා පවසයි.
එනිසා ජනතාව පිටිකිරි භාවිතයෙන් ඉවත් වී දියර කිරි භාවිතයට හුරුවිය යුතු යයිද හෙතෙම පැවසීය.
දියරි කිරි පිටි කිරි බවට පත් කිරීමේදී දියර කිරිවල ඇති ප්‍රෝටීන් වෙනුවට මෙලමයින් එකතු කරන බවත්, මේදය වෙනුවට ෆාම් ඔයිල් එකතු කරන බවත් තවත් බොහෝ පෝෂ්‍ය කොටස් ඉවත් කරන බවත් ඇමතිවරයා පෙන්වා දේ.
ඉවත් කරන පෝෂ්‍ය කොටස් වෙනුවට වෙනත් රසායනික ද්‍රව්‍ය පිටිකිරි සදහා එක් කරන බවත් හෙතෙම කියා සිටී.
එම බොහෝ රසායනික ද‍්‍රව්‍ය ශරීරයට අහිතකර බවත් එනිසා පිටිකිරි භාවිතය සීමා කර හැකිතරම් දියර කිරි සදහා හුරු වියයුතු බවත් පවසන ඔහු තම අමාත්‍යංශයේ වගකීම ජනතාව දියර කිරි භාවිතය සඳහා යොමු කිරීම බවත් සදහන් කලේය.
No comments