Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඩොලර් නැතුව ඖෂධ හිගයක්..ඉදිරියේදී තත්වය තවත් දරුණුයි??

රටපුරා බොහොමයක් රජයේ රෝහල්වල මේ වන විට අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 60 කට ආසන්න ප්‍රමාණයක හිඟතාවයක් පවතින බව ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම හිග ඖෂධ අතර ...

රටපුරා බොහොමයක් රජයේ රෝහල්වල මේ වන විට අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 60 කට ආසන්න ප්‍රමාණයක හිඟතාවයක් පවතින බව ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම හිග ඖෂධ අතර ජීවිතාරක්ෂක ඖෂධ තුනක්ද ඇති බව වාර්තාවෙයි.

හදවත් රෝගීන්ට, පිළිකා රෝගීන්ට, තැලසීමියා රෝගී දරුවන් මෙන්ම විවිධ සංකූලතා ඇති රෝගීන් සඳහා අත්‍යාවශ්‍ය වන ඖෂධ මෙසේ හිඟතාවයක් ඇතිව තිබේ.

ඖෂධ ආනයනය සඳහා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් ණයවර ලිපි නිකුත් කිරීමේදී සිදුවන ප්‍රමාදය, ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් ඖෂධ නැවත ලියාපදිංචි කිරීම මෙන්ම නව ලියාපදිංචියේදී ඇතිවන ප්‍රමාදය ආදී කරුණු මෙම ඖෂධ සඳහා බලපා ඇත.

මෙම තත්ත්වය මත ඉදිරි සති දෙක කාලයේදී රජයේ රෝහල්වල ඖෂධ හිගය තවදුරටත් දරනු වනු ඇතැයි ද වාර්තා වෙයි.

 

No comments

Ads Place