Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අඛණ්ඩව තෙල් දෙන්න බෑ..ඉන්දියාව කියයි

අඛණ්ඩව ශ්‍රී ලංකාවට ඉන්ධන සැපයිය නොහැකි බව ඉන්දීය තෙල් සමාගම විසින් ශ්‍රී ලංකාවට දැනුම්දී තිබේ. බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.ආර්. ඔල්ගා ...

අඛණ්ඩව ශ්‍රී ලංකාවට ඉන්ධන සැපයිය නොහැකි බව ඉන්දීය තෙල් සමාගම විසින් ශ්‍රී ලංකාවට දැනුම්දී තිබේ.

බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.ආර්. ඔල්ගා මහත්මිය සඳහන් කරන්නේ ඉන්දීය ණය මුදල් වලින් අඛණ්ඩව ඉන්ධන ලබා ගැනීමට පෙර අදහස් කර තිබූ බවයි.

නමුත් මෙම දැනුම්දීම නිසා වෙනත් සැපයුම්කරුවන්ගෙන්ද ඉන්ධන ලබා ගැනීමට ටෙන්ඩර් කැඳවූ බව ඇය සඳහන් කළාය.

ඉන්දීය ණය සැලසුම යටතේ ඩීසල් රැගත් නෞකාවක් මෙරටට පැමිණීම සමග රටට අවශ්‍ය ඩීසල් සහ පෙට්රල් සංස්ථාව සතුව තිබෙන බවත් ඇය පැවසුවාය.

බොරතෙල් නොමැතිකම නිසා සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දමා ඇති බවත් ඉන්දීය සමාගම බොරතෙල් හා දැවිතෙල් ලබා නොදෙන නිසා ඒවා සපයා ගැනීමට ද සංස්ථාවට සිදුව ඇතැයි ඇය තව දුරටත් කිවාය.

 

No comments

Ads Place