Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ප්‍රධාන රාජ්‍ය බැංකුවක් ලංවිම සියළුම චෙක් රිටර්න් කරයි

මෙරට ප්‍රධාන පෙළේ රාජ්‍ය බැංකුවක් විසින් ලංකා විදුලිබල මණ්ඩලයේ සියලුම චෙක්පත් ආපසු හරවා යැවිමට කටයුතු යොදා තිබේ. ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද...

මෙරට ප්‍රධාන පෙළේ රාජ්‍ය බැංකුවක් විසින් ලංකා විදුලිබල මණ්ඩලයේ සියලුම චෙක්පත් ආපසු හරවා යැවිමට කටයුතු යොදා තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා සඳහන් කරන්නේ විදුලිබල මණ්ඩලයේ ගිණුම් වල ප්‍රමාණවත් මුදල් නැති වීම හේතුවෙන් එම තීරණයට එළැඹ ඇති බවයි.

එනිසා එම බැංකුව විසින් තවදුරටත් ලංකා විදුලිබල මණ්ඩලය වෙත බැංකු අයිරා නිකුත් කිරීම නවතා දමා ඇතැයි හෙතෙම පැවැසීය.

මේ වන විටත් විදුලිබල මණ්ඩලයේ මුදල් කළමනාකරුවා විසින් තවදුරටත් එම බැංකුවට චෙක්පත් යැවීම සිදු නොකරන ලෙස මණ්ඩලයට දන්වා ඇතැයිද හෙතෙම පැවසීය. චෙක්පත් ආපසු හරවා ඒම තුළ මන්ඩලය හෑල්ලුවට පත් වන බව ද ඔහු පවසා තිබේ.

දැනටමත් එම රාජ්‍ය බැංකුව විසින් ලබාදිය හැකි උපරිම ණය මුදල් ප්‍රමාණය වන රුපියල් බිලියන 12 ඉක්මවා රුපියල් බිලියන 28 ක ණය මුදලක් ලංවිමට ලබාදී ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.

පවතින දැවැන්ත අර්බුදය හමුවේ මන්ඩලයේ සේවක වැටුප් ගෙවීම ඉතාම අසීරු තත්ත්වයකට පත්ව ඇති බවත් උත්සව මාසය වන විට එම වැටුප් ගෙවා ගත නොහැකි තත්වයකට අර්බුදය උග‍්‍ර වන බවත් හෙතෙම පැවසීය.

 

No comments

Ads Place