Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කැබිනට් සංශෝධන රහස්: ලොහාන් රත්වත්තේත් අවුලෙන් - හේතුව ගමේ හාදයාට තැන ලැබීමලු

ජනපතිවරයා හදිසියේ සිදු කළ කැබිනට් මණ්ඩල සංශෝධනය මේ වන විට තවත් අර්බුද රැසක් නිර්මාණය කොට තිබෙනවා. ඉන් එක් අර්බූදයක් වන්නේ තමන්ට කැබිනට් ඇමැත...

ජනපතිවරයා හදිසියේ සිදු කළ කැබිනට් මණ්ඩල සංශෝධනය මේ වන විට තවත් අර්බුද රැසක් නිර්මාණය කොට තිබෙනවා.


ඉන් එක් අර්බූදයක් වන්නේ තමන්ට කැබිනට් ඇමැති ධුරයක් නොලැබීම මත රාජ්‍ය ඇමතිවරු පිරිසක් කලකිරී සිටීමයි.


කලකිරුණු රාජ්‍ය ඇමති


ඒ අතර ප්‍රධාන තැනක් ගන්නේ මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ කලකිරීමයි.


එම කලකිරීම මත ඔහුද මීට පෙර කලකිරුණු ඇතැම් ඇමතිවරු හා රාජ්‍ය ඇමැතිවරු අනුගමනය කළ පිළිවෙතම අනුගමනය කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බව දැනගන්නට තිබෙනවා.


ඒ තමන්ගේ අමාත්‍යාංශ බඩු බාහිරාදිය අස් කරගෙන යෑම.


කළකිරීමට හේතුව


තමාට කැබිනට් ඇමති ධූරයක් ලබා නොදී එස්.බී.දිසානායක මහතාට කැබිනට් මණ්ඩල ඇමති ධූරයක් ලබා දීම මත රත්වත්තේ මහතා කලකිරීමෙන් සිටින බවයි ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණේ.


එහෙත් ඒෂියන් මිරර් වෙත ලැබෙන තොරතුරු වලට අනුව රත්වත්තේ මහතා කලකිරී සිටින්නේ දිසානායක මහතාට කැබිනට් ඇමති ධූරයක් ලබාදීම නිසා නොව වෙනත් අයෙකුට කැබිනට් ඇමති ධූරයක් ලබාදීම සම්බන්ධයෙන්.


ඒ දිලුම් අමුණුගම මහතාට.


දිස්ත්‍රික්කයේ ප්‍රශ්න


දිලුම් අමුණුගම මහතා නියෝජනය කරන්නෙත් ලොහාන් රත්වත්තේ මහතා නියෝජනය කරන මහනුවර දිස්ත්‍රික්කයයි.


පසුගිය මහ මැතිවරණයේදී දෙදෙනා අතර මනාප මුල් කොටගෙන ප්‍රසිද්ධියේම ගැටුම් ඇති වුණා.


දෙදෙනාම මුල් වරට පාර්ලිමේන්තුවට පැමිණියේ 2010 වසරේදී මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරමින්.


ඒ අනුව දෙදෙනාම ජ්‍යෙෂ්ඨත්වයෙන් එක සමානද වනවා.


රාජ්‍ය ඇමති භූමිකාව


රත්වත්තේ මහතා අග්‍රාමාත්‍යවරයාට වඩාත් සමීප පුද්ගලයකු ලෙසයි සැලකෙන්නේ.


එහෙත් මීට ටික දිනකට පෙර කාන්තාවක් ඇතුළු පිරිසක් සමග බීමතින් වැලිකඩ බන්ධනාගාරයේ එල්ලුම් ගස බැලීමට යාම හේතුවෙන් රත්වත්තේ මහතාට බන්ධනාගාර රාජ්‍ය ඇමති ධූරයෙන් ඉල්ලා අස් වීමට සිදු වුණා.


දිලුම් අමුණුගම මහතාට අමතරව මහින්දානන්ද අලුත්ගමගේ හා කෙහෙළිය රඹුක්වැල්ල යන මහත්තුරුන්ට මහනුවර දිස්ත්‍රික්කයේ නියෝජනය කරන කැබිනට් මණ්ඩල ඇමතිවරු.

කැබිනට් ඇමති ධුර තුන

අලුත්ගමගේ මහතාට කැබිනට් ඇමති ධූරයක් ලබා දී තමන්ට ලබා නොදුන්නහොත් තමා වස බොන බවද මහා මැතිවරණ සමයේ රඹුක්වැල්ල මහතා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ කතාවක්.


මෙම කරුණු දෙස අවධානය යොමු කරද්දී මහනුවර දිස්ත්‍රික්කයේ මහා ආණ්ඩු පක්ෂ දේශපාලනඥයින් අතර අන් දිස්ත්‍රික්ක වලට වඩා තනතුරු සම්බන්ධයෙන් ප්‍රශ්න තිබෙන බව පැහැදිලි වනවා.

No comments

Ads Place