Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඉන්ධන අර්බුදය නිසා පෞද්ගලික බස් වර්ජනයක...

නිසි ක්‍රමවේදයක් යටතේ නුවරඑලිය ප්‍රදේශයේ පෞද්ගලික බස් රථ වලට ඩිසල් ඉන්ධන ලබා නොදෙන බව පවසමින් නුවරඑලිය ප්‍රදේශයේ මාර්ග රැසක ධාවනය කරවන පෞද්ග...

නිසි ක්‍රමවේදයක් යටතේ නුවරඑලිය ප්‍රදේශයේ පෞද්ගලික බස් රථ වලට ඩිසල් ඉන්ධන ලබා නොදෙන බව පවසමින් නුවරඑලිය ප්‍රදේශයේ මාර්ග රැසක ධාවනය කරවන පෞද්ගලික බස් රථ හිමියන් (25) දින වර්ජනයක් ආරම්භ කර ඇත.

නුවරඑලිය නගරයේ පිහිටි ඉන්ධන පිරවුම්හල් දෙකෙන්ම ඩිසල් ඉන්ධන පෞද්ගලික බස් රථ වලට නිසි ක්‍රමවේදයක් යටතේ ලබා නොදිම හේතුවෙන් තමන් ධාවන කටයුතු වලින් (25) දින ඉවත් වු බවයි වර්ජනයට සහභාගි වි සිටින නුවරඑලිය ප්‍රදේශයේ  රියදුරන් සහ කොන්දොස්තරවරුන් කියා සිටියේ.

නුවරඑලිය ශාන්තිපුර , මිපිලිමාන , හාවාඑළිය , බොරලන්ද , රාගල සහ නානුඔය , පට්ටි‍පොල යන ප්‍රදේශවලට ධාවනය වන පෞද්ගලික බස් රථ 150 ක් පමණ (25) දින මෙම වර්ජනයට එක්වි ඇත.

එම මාර්ග වල පෞද්ගලික බස් රථ ධාවනය නොවිම සම්බන්ධයෙන් අප නුවරඑලිය පොලිසියේ මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක ප්‍රේමලාල් මහතාගෙන් කල විමසුමකට ඔහු කියා සිටියේ ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමට බස් රථ හිමියන්ට පොලිසිය වෙත පැමිණෙන ලෙස දැනුම් දුන් බවයි.

 

No comments

Ads Place